
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයන් නොමග යවමින් වැඩි මිළට ඉන්ධන අළෙවි කළ එම ඉන්ධනහල වටලා සුපර් ඩීසල් ලීටර් 23,000ක් සහ ඩීසල් ලීටර් 7000ක් සිය බාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.
එම ඉන්ධන හළට එරෙහිව නඩු පැවරූ බව කුරුණෑගල පාරිභෝගික අධිකාරි කාර්‍යාලය පවසයි.
මහජන පැමිණිල්ලක් මත අද (21) දහවල් මෙම වැටලීම සිදුකෙරිණ. මෙම පිරවුම්හලේ ඉන්ධන පවතින අවස්ථාවේ දී එහි පැමිණෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන අවසන් බව පවසා එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට අයත් වෙනත් ස්ථානයකදී වැඩි මිළට ඉන්ධන අළෙවි කරන බව පැමිණිල්ලෙන් කියා තිබිණ.
උපාය දූතයෙකු යොදවා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඩීසල් 20 ක් මිළදී ගැනීමට අවශ්‍ය බව පවසා එම පිරවුම් හලට ගිය අවස්ථාවේ දී එහි සේවකයකු පවසා ඇත්තේ පිරවුම් හලේ ඩීසල් නැති බවයි.
එහෙත් ලීටර් 22 ක ඩීසල් බහාලුමක් රුපියල් 4500 ක මුදලකට දිය හැකි බවත් ඒ සදහා පිරවුම්හලේ පිටුපසට යන ලෙසත් එම සේවකයා උපාය දූතයාට කියා තිබිණ.
පාරිභෝගික නිලධාරීන් යෙදවූ උපාය දූතයා පිරවුම් හලේම පසුපස කාමරයක තිබූ ඩීසල් ලීටර් 22ක බහාලුමක් මිළදී ගත් පසු අනෙක් නිලධාරීන් පැමිණ පිරවුම්හල පරීක්ෂාවට භාජනය කරන ලදී.
ඉන්ධන පිරවුම්හල පරීක්ෂා කිරීමේදී ඩීසල් ලීටර් 22 බැගින් පිරවූ ප්ලාස්ටික් කෑන් 14 ක් පිරවුම්හලේ පසුපස කාමරයක තිබී සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන්ට වඩා භයානකයි අවස්ථාවාදියෝ... ඔහුව අසාදු ලේඛනගතකොට ඔහුගේ බලපත්‍රය අහෝසි කළ යුතුයි.