IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරය

(නිමල කොඩිතුවක්කු)

අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරය ඉන්දුනීසියාවේදී ඊයේ (20) ආරම්භ කෙරිණ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන දොස්තර කාවින්ද ජයවර්ධන, එස්. රාසමාණික්කම්, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදය, රටවල් මුහුණ දෙන  ආර්ථික අස්ථාවරත්වය, ගෝලීය උෂ්ණත්වය සහ පාරිසරික තත්වයන් පිළිබද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙයට සමගාමීව තරුණ මන්ත්‍රීවරුන්ගේ සැසිවාර කිහිපයකට  සහභාගි වීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරයට එක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී තොරන් වන දොස්තර කාවින්ද ජයවර්ධන, එස්. රාසමාණික්කම්, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඡායාරූපයේ වෙති.



අදහස් (0)

අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site