IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව චීනයෙන් ලොකු ණයක් ඉල්ලයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා අද (21) පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ඒ පිළිබඳව සළකා බලමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා චීනය තව දුරටත් ශ්‍රී ලංකාවට සියලුම අංශවලින් සහයෝගය දක්වන ප්‍රමුඛයා බවට ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාවට අනුව ද චීනය අඛණ්ඩව මූල්‍යමය සහ සෙසු සියලුම අංශවලින් සහයෝගය දක්මින් ප්‍රමුඛයා යැයි තව දුරටත් පත්ව සිටින බව ද චීන තානාපතිවරයා වැඩි දුරටත් කීය.  

කොළඹදී අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා එසේ පැවසීය. 



අදහස් (0)

ශ්‍රී ලංකාව චීනයෙන් ලොකු ණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 561 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 297 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site