
(අජිත්ලාල් ශාන්තඋදය සහ ඒ.ජී. වික්‍රමසිංහ)
උත්සව ඇතුලූ අනවශ්‍ය වියදම් අඩු කරන ලෙස භාණ්ඩාගාරය රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදී රාජ්‍ය ආයතනවලට දන්වා තිබියදි මිලියන ගණනක් වැයවන උත්සවයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රත්නපුරේ දි පැවැත්වීම ගැන මහජනතාව මෙන්ම රජයේ නිලධාරීහූ ද සිය කණගාටුව පළකරති.
රත්නපුර නගරයේ මැණික් හා ස්වර්ණාභර අධිකාරියේ කාර්යාලය පිහිටි පැරණි ලන්දේසි කොටුවේ මෙම උත්සවය පැවැත්වෙයි.
මැණික් පතල් කම්කරුවන්ගේ විභාග සමත් දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානයක්, පතල් කම්කරුවන්ට ජිවිත රක්‍ෂණාවරණ, පතල් කම්කරුවන්ට විශ‍්‍රාම වැටුප් පිරිනැමීම සහ පුහුණු වැඩසටහනක් මෙදින පැවැත්වෙන බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ ප‍්‍රකාශකයෙක් පැවැසීය
උත්සවය සඳහා වෙනම වේදිකාවක් සහිත තාවකාලික ශාලාවක් ඉදිකිරිමට මිලියනයක පමණ මුදලක් වැය කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කියයි.
ඊට අමතරව විෂයභාර ඇමතිවරයා, සභාපතිවරයා ඇතුලූ කොළඹින් එන රාජ්‍ය නිලධාරින් ඇතුලූ විශාල පිරිසකට නවාතැන් ගැනීම සඳහා රත්නපුර නගරයේ සහ ආසන්න ප‍්‍රදේශවල සුපිරි හෝටල්වල කාමර වෙන්කර ඇති බව ද කියයි.
මේ අතර වීදුරු කලූ කළ නවීන පන්නයේ ඩිෆෙන්ඩර් රථ අද රත්නපුර අවට බැකෝ සහ වෙනත් පතල් ඇති ප‍්‍රදේශවල සැරිසැරූ බව එම ප‍්‍රදේශවල ජනතාව කියති.
බැකෝ පතල් සඳහා බලපත‍්‍ර දීමේ දී බලපත‍්‍රහිමියන්ගේ පරිත්‍යාග එකතුවෙන් පිහිටුවන ද අරමුදලකින් මෙම සහන ලබාදෙන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මෙම උත්සවය සඳහා ද රජාය් මුදල් වැය නොකරන බව පවසන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඒ සඳහා බරපැන පෞද්ගලික අංශයෙන් දරණ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත්, නියරත් ගොයම් කා නම්... කාට කියම්ද ඒ අමාරුව...!
කවුරු බරපැන දැරුවත් ඩොලර් වලින් ගෙනා ඉන්ධන නාස්ති කරනවා නම් ඒක අපරාධයක්. ඕවා පාඩුයි කියන ආයතන නේද? එක එකා පුම්බන බොරු වැඩ, නිකං දෙන වැඩවලට දෙන ඒවාට වඩා ප්රචාරයට සහ සැරසිලිවලට... හැමදාම කරන ගොංකං තවත් කරනවා නම් මේකේ ඉන්නේ මිනිස්සු වෙන්න බැහැ.
මේක විතරක් මොකද? අනික් පුරාජේරු, විවෘත කිරීම් ටිකත් ඒ වගේම මිලියන ගාණක් සාක්කුවලට ගිහිල්ලා තමයි කෙළවර වුණේ. මහ උදවිය රටට දුන්නු ආදර්ශය තමයි මේ..!
බයියන්ට කොහෙද මේවා තේරෙන්නේ... ඉන්න හිටින්න රටක් තියෙනවනේ...
පුද්ගලික මුදල්වලින් උත්සව නැතුව අසරණ අයට ආහාර ද්‍රව්‍ය ලබාදෙන්න..
මෝඩ මිනිසුන් ඩොලර් හා රුපියල් වියදම් අතර වෙනස දන්නේ නෑ. මේ රටේ තියෙන්නේ ඩොලර් හිඟයක්. රුපියල් ප්‍රමාණය අධික වීමක්.
ඉන්න හිතෙන රටක් හදන්න ඇවිදින් මුළු රටටම නැති කරා.
රජය වියදම් කරන විට එහි ප්‍රතිලාභය එන්නේ මහජනයාටය. රජය වැය නොකරන්නේ නම් භාණ්ඩාගාරය පිරෙන තරමටම මහජනයා දුප්පත් වන්නේය. ආර්. ප්‍රේමදාස ගේ ගම්උදාවට තණ පිඩැලිවලට රජය වියදම් කළවිට සන්තෝෂ වුනේ පිඩැලි කපන්නාය. ඊනියා මුදල් නාස්ති සංකල්පය හඳුන්නෙත්ති සහ බන්දුල ගුණවර්ධන න්‍යායන්ය. රජයේ වැය ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර නාස්තියට සමාන නොවේ. මහජනයා පොහොසත් වීමට නම් රජයක් වියදම් කළ යුතුය. රජය වැය කරන්නේ අඟහරු ලෝකෙන් ගෙන්වන කම්කරුවන්ට නම් එය නාස්තියකි.