
(සුජිත් හේවාජුලිගේ සහ ශේන් සෙනෙවිරත්න)
ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා 13ක් ඇතුළත් ලිපියක් තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (21) බාරදෙනු ලැබීය.
දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව මහනායක හිමිවරුන් එම ලිපියෙන් පෙන්වාදී ඇත.
විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජීවන වියදම පහත හෙළීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීමද එම යෝජනා අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහානායක හාමුදුරුවන්ගෙන් මේක අපි බලාපොරොත්තු වුනේ මීට මාස කීපයකට කලින්... දැන්වත් මේ ගැන සලකාබැලීම පිළිබඳව අපගේ නමස්කාරය...!