
(ඩයනා උදයංගනී සහ ශාන්ත කුලරත්න)
ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය නිමිති කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සංවිධානය කළ සැමරුම් උළෙලක් එම රෝහල් පරිශ්‍රයේ දී අද (21) පැවැත්විණි.
ජයවර්ධනපුර රෝහල මගින් ඩවුන් සින්ඩ්‍රෝම් ඇතුළු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වනු ලබන චිත්‍ර පුහුණු පන්ති සඳහා සහභාගී වන දරුවන් සහභාගී කරවාගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ ද සහය ඇතිව මෙම කටයුත්ත සංවිධානය කර තිබිණි.
එම දරුවන් විසින් ඉදිරිපත් කළ ගායන, නර්තන ආදී කලා අංගයන්ගෙන් ද මෙම උළෙල වර්ණවත් විය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා එයට සහභාගී වූ දරුවකු වෙත සමරු තිළිණයක් පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිහිර මනම්පේරි මහතා ද මෙහි සිටී. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති, මහාචාර්ය එස්.ඩී ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමරනවා. අපේ ගෙදර ඉන්නවා මල්ලි කෙනෙක්... ඩවුන් සින්ඩ්‍රෝම්... නමුත් මේ සැමරුමෙන් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
ප්‍රධාන ආරාධිතයා හැටියට ඇමෙරිකානුවෙක්ව ගෙන්නුවේ නැද්ද?