
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම සතු ගෑස් තොග හෙට (22) රාත්‍රී අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් අද රාත්‍රී දක්වා ගෑස් නිකුත් කරන බවත් හෙට දිනයේ ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය.
ගෑස් මෙට්‍රික්ටොන් 3500 රැගත් නෞකාවක් අද (21) රාත්‍රී ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවීමට නියමිත බව කී එම නිලධාරියා එහි ගෑස් තොගයෙන් තවත් දින තුනක් පමණ ගෑස් නිකුත් කළ හැකි බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික්ටොන් 35,000 ක් බවත් මේ වන විට මසකට ගෑස් මෙට්‍රික්ටොන් 10,000 ක් පමණක් ලැබීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද එම නිලධාරියා කීය.
රට පුරා අද දිනයේ ද ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දැකිය හැකි වූ අතර පෝලිමක ගෑස් සිලින්ඩර 500 ක ඉල්ලුමක් තිබියදී බොහෝ ස්ථානවල සිලින්ඩර 50 ක් පමණ ලැබීමෙන් ජනතාව අතර ගැටුම් ඇතිවීමට හේතු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාඩම්බර, ප්‍රශංසනීය වදන්...!