(යොහාන් භාසුර)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) සාමාන්‍ය පරිදි සැපයුම පවත්වාගෙන යන බවත් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල තොග ඉක්මණින් අවසන් වීමේ තත්වයක් පමණක් ඇති බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම සමාගම සැපයුම සියයට 100 ක්ම පවත්වාගෙන යන බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා සිය සමාගමට තොග පිළිබඳ කිසිඳු ගැටලුවක් මතුව නොමැති බව ද සඳහන් කළේය.