
(ඩයනා උදයංගනී)
පවතින අර්බුදයට විසඳුම් ලෙස රජය ගතයුතුව තිබූ ඇතැම් තීරණ පමාවූ බවට නැගෙන චෝදනාවන්ට එකඟ විය හැකි අවස්ථා ද ඇති බවත්, එසේ වුවත් පවතින අර්බුදකාරී තත්වය කළමනාකරණය කිරීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
රජයේ හවුල්කාර පක්‍ෂ 11 මගින් ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇති ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම, අපනයන වැඩි කිරීම හා ආනයන සීමා කිරීම ආදී කරුණු ක්‍රියාත්මක කිරීම ද රජය මේ වන විට ආරම්භ කර ඇති බවත්, මේ අවස්ථාවේදී සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වී තම සාධනීය යෝජනා ඉදිරිපත් කරන ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂවලට ආරාධනා කරන බවත් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
කාටත් දේශපාලනය කරන්නට නම් රට ආරක්‍ෂා කරගත යුතු බව කී ඇමතිවරයා ඔවුන් මේ අවස්ථාවේ තම සාධනීය යෝජනා ඉදිරිපත් කිරීම වැදගත් බව ද කීවේය.
මෙම සමුළුව පමාවූවාද යන්න ගැන කතාබහක් ඇති නමුත් මෙය කවදා හෝ පැවැත්වීම ලොකු දෙයක් බව හෙතෙම පැවසීය.
රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට දේශපාලනය කරන්නත් රටක් තියෙන්න ඕනලු. ඒකටනේ පවුවට ගහගෙන වැලලෙන්න හදල කරන්න තියෙන බොරු සේරම කරල පවුලෙ සේරම බලය ඩැහැගත්තෙ. දැං ආයෙමත් රැකගන්න වෙලා තියෙන්නෙ ඒ කපටි ආරක්ෂකයන්ගෙන්.