
(අජන්ත කුමාර අගලකඩ)
ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
සහල්, සීනි ,පරිප්පු, ලූනු, අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඒවායේ ඇති බවත් එම භාණ්ඩ අද සිට නිදහස් කරගැනීමට හැකි වන බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත .
ඒ අනුව,උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ,වෙළෙඳපොළට සැපයීමට ද හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බැලුවා ඉන්දියාවෙන් දිගට හරහට ණය දෙන්නේ මොකද කියලා... මේ ඉන්දියානු බඩු නිදහස් කරගෙන එහෙ කට්ටිය බේරගන්නනේ... එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිම...
නිදහස් කළාට ගන්න සල්ලි කෝ..? හැමදේම කීප ගුණයකින් වැඩිවෙලා තියෙන්නේ...
ණයට අරන් කාලා කවදා කෙසේනම් ඔය ණය ගෙවන්නද?
දැන් මාස ගණනාවක සිට සියල්ල සූදානම්... ජනතාව තවමත් කුසගින්නේ... පෝලිමේ සහ කරුවලේ...
රුපියල් 2500කින් මාසයක් ජීවත්වන්න පුළුවන් කියලා තාර්කිකව ඔප්පුකළ මෙයා මෙච්චර කල් හැංගිලා හිටියේ කොහේද දන් නෑ?
මේ ඉන්දීය භාණ්ඩ බේරගන්න සල්ලි හොයාගත්තේ කොහෙන්ද සර්?
ඕක මොකටද? ඉන්න හිටින්න රටක් තියෙනවනේ...