(බන්දු තඹවිට)

කොළඹ සිට බදුරලියට රැගෙන ගිය ගෑස් සිලින්ඩර්වලින් කොටසක්  මතුගම නගරයේදී  පොලිම්වල සිටි පිරිසක් බා ගැනීමේ පුවතක් මතුගමින් වාර්තා වෙයි.

මතුගම නගරයට ගෑස් ලබෙතැයි අද අලුයම 5.00 සිට මඟ බලා සිටි පිරිසක් මාරගයේ ගමන්ගත් ගෑස් ලොරියක් නවතා ගත්තේය. 

ඒ අවසථාවේ එම පිරිස අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර පසුව පොලිසිය මැදිහත්ව පොලිමේ සිටි පිරිසට ගෑස් නියෝජිතයාගේ මාර්ගයෙන් ගෑස් සිලින්ඩර් ලබාදීමට කටයුතු කළේය.