(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වාර්තාව මුදල් අමාත්‍යාංශයට තවමත් නිල වශයෙන්  ලබාදී  නැතැයි  ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්  සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

එම වාර්තාව ලැබුණු වහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එම වාර්තාව වෙබ් අඩවියට  ඇතුළත් කරන්නේ නම් එය ඉන් ලබාගත හැකි බවයි.

එම වාර්තාව මහ බැංකුවේ අධිපතිවරයාට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබාදී ඇතැයි පැවසූ  වික්‍රමසිංහ මහතා පාකිස්ථානයේ අයි.එම්.එෆ්  වාර්තාවද නිකුත්වී ඇතැයි සඳහන් කළේය.