(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුළු රටම කලුවරේ සිටියදී මුදල් අමාත්‍යවරයා මොනව කරනවා දැයි කිසිවෙකු හෝ නොදන්නා බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඔහු පාර්ලිමේන්තුවටද මාස තුනකින් පැමිණ නැතැයි හෙතෙම චෝදනා කළේය. කිරිඇල්ල මහතා මෙසේ චෝදනා කළේ මුලසුනේ අවසරය ඇතුව ප්‍රකාශයක් කරමිනි.
මුදල් අමාත්‍යවරයා හා ඉන්දියාවට ගොස් ණය කන්දරාවක් ලබාගෙන ඇති බවත් ඔහු ඒ ණය මුදල ලබාගෙන ඇත්තේ වරාය තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට උකස්කර යැයි දැනගන්නට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් ඒ සියල්ල මේ සභාව දැනගත යුතු බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමග අත්සන් කළ දේවල් කිසිවක් රට නොදන්නා බවද සඳහන් කළේය.
අද ආණ්ඩුව ණය ගන්නේ කන්න දීමට යැයිද ඔහු පැවසුවේය.
ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මුදල් අමාත්‍යවරයා මැති සබයට පැමිණිය යුතු බවත් ඔහු එසේ නොපැමිණීම කණගාටුදායක කාරණයක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය.
මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සභාගත කළ යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් පෝලිම් තියන නිසා පුරුද්දට පෙට්‍රල් ගහන්න යනවා ඇති... ඒකයි...!
යහපාලනයේ මුදල් ඇමැති දෙන්නගේම කෙරුවාවල් හොඳට මතකයි මහත්තයෝ...