(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා නොදීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී  අද (22) පැවසීය.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට මහ බැංකුවේ අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලයටත් මුදල් අමාත්‍යංශයේ ලේකම්ටත් නියෝග කළ යුතු බවද රනිල්  වික්‍රමසිංහ මහතා කීය.

"ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සාකච්ඡාවකටත් අප කැඳවා තිබෙනවා.අද වනතුරු මුදල් අමාත්‍යංශය මේ වාර්තාව ඉදිරිපත් කර නැහැ.මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක්.යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.