(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බැව පොලිසිය සඳහන් කරයි
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරු පැදිපැදිය පැදවූ තරුණයා බව පොලිසිය කියයි
මියගිය රියදුරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ මහ හඬ නංවමින් අධික වේගයකින් යතුරුපැදියක් ඒ මේ අත පැදවූ සැකකාර තරුණයා අමතා මියගිය රියදුරු විසින් හිමින් යතුරුපැදිය පදවන ලෙස පැවසීම මෙම ඝාතනයට ආසන්නම හේතුව වී ඇතැයි පොලීසිය සඳහන් කරයි
ඝාතනය සම්බන්ධයෙන් තවත් කීහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි කැස්බෑව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාදයක් පිළිගන්න සූදානම් නැති සමහර තරුණයින්ගේ හැසිරීම අන්තිමයි. අන්තිමට හිරේවිලංගුවේ තමයි වැටෙන්නේ...