
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට ගෙන ආ සංශෝධන ජාත්‍යන්තර ප්‍රජාව රැවටීම සඳහා කළ උප්පරවැට්ටියක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේවායින් යුරෝපා සංගමය හෝ ජාත්‍යන්තර ප්‍රජාව රවටන්නට නොහැකි බවත් මේ සංශෝධන ප්‍රමාණවත් නැති බව යුරෝපා සංගමය දැනටමත් පවසා ඇතැයි ද විජිත හේරත් මහතා කීය.
ජනතාවගේ ඇත්ත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන එන සංශෝධනයක් ලෙස මෙය පිළිගන්නට හැකියාවක් නැති බව කී හේරත් මහතා මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන්ට කොහොමත් ඒ පනත දිරවන්නේම නෑ. NGO කුක්කන්ට හරියට රිදිලා වගේ. කෑ ගැහුවේ නැත්නම් තමන්ගේ ගාස්තු ලැබෙන්නේ නෑනේ....
ත්‍රස්ත සංවිධානවලට මේ පනත අවුලක් බව හැමෝම දන්නවා ...
ත්‍රස්තයින්ට තරහ ගිහිල්ලා වගෙයි...!