(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරුට පිළියන්දල මාවිත්තර පිහිටි රියදුරුගේ නිවස ඉදිරිපිටදී අද රාත්‍රී 8.00ට පමණ යතුරුපැදිකරුවකු විසින් පිහයකින් ඇණ ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලිසියය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඈපාසිංහගේ කනිෂ්ක (41) නැමැත්තෙකුටය
මොහුගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිටකරමින් යතුරු පැදියක් කිහිප වතාවක් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකින් පසුව ඔහුට පිහියකින් ඇණ පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රියදුරාට ඇන්නේ...?
මෙයා ඇමැති පාට් එකක් දැම්මාද දන්නේ නෑ..!
රියදුරා ගැන අප දන්නේ නැතත් හාම්පුතාලා බිහිකල සංස්කෘතියේ ප්‍රතිඵල තමයි ඔය... මෙහෙත් සමහර වෙලාවට සද්දෙ දාගෙන බයික් යනවා... කාගෙහරි වැදුණොත් ඉවරම තමයි.. කොහොම කාගේ අවසරද දන්නේ නැහැ. පාදඩ සංස්කෘතිය ඇතිකළ අයම ඒවාට බිලිවෙනවා...
මෙහෙම ශබ්දයක් පිටකරන යතුරු පැදි රාත්‍රියේ යනවිට හරිම කරදරයක් වෙනවා. සමහරක් එවුන් රාත්‍රියේ දොළහට, එකටත් යනවා. මේවා ලවුඩ්ස්පීකර් දැම්මාටත් වඩා කරදරයක්... මෙම යතුරු පැදි ධාවනය තහනම් කරන්න.
දැන් කුඩුවලට සම්බන්ධ අය බොහෝමයි..!
රෑ දවල් නොබලා මහා සද්දෙන් මෝටර් සයිකල් පදින කාලකන්නි අපේ පැත්තෙත් ඉන්නවා.