
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අමාරු කාලයේ ශ්රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බව හිටපු අග්රාමාත්ය සහ කොළඹ දිස්ත්රික් පත්කළ මන්ත්රී (එජාප) රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉන්දියාව මෙවැනි උදව්වක් කළේ පළමු වතාවට වන හෙයින් මෙය විශේෂ බව කී හිටපු අග්රාමාත්ය වරයා ඒ පිළිබඳව ප්රකාශයක් කිරීමට ආණ්ඩුවට යුතුකමක් තිබෙන බවද සඳහන් කළේය.
මෙි පිළිබඳව රටේ විවිධ කතා පැතිරෙන හෙයින් විදේශ ඇමතිට හෝ මුදල් ඇමතිට මේ ගැන පැහැදිලි කිරීමට විශේෂ වගකීමක් තිබෙන බවද රනිල් වික්රමසිංහ මහතා කීය.
අමාරු මොහොතේ රටට උපකාර කළ බංග්ලාදේශයටත් තම ස්තුතිය පිරිනමන බවද හිටපු අග්රාමාත්යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 73ක්ම මාරුවෙන් මාරුවට රට පාලනය කරලා සහ අවස්ථා කිහිපයක්ම අගමැති ධුරය ඇතුළු වීවිඩ ඇමතිකම් දරල, දැන් ලජ්ජා නැතුව ඉන්දියාවටත්, බංග්ලාදේශයටත් ස්තුති කරනවා. මෙවැනි අමාරු කාලය ඇති කළෙත් ඔයාලා තමයි. මේ දෙගොල්ලම තව අවුරුදු සීයක් බලයේ හිටියත් රට නැත්තටම නැති කරනවා මිස රට හදන එකක් නම් නැහැ.
මේක රටේ අමාරු කාලයක් නෙවෙයි... රටට අමාරු කරවපු කාලයක්... දැන් ලැජ්ජා නැතිව පොල් කට්ටක් අරන් හිඟමනේ යනවා. ඒ හිඟාකාලා ගත්ත එකෙනුත් කුට්ටියක් සාක්කුවේ දාගන්න හැටි බලනවා. මොන තරම් පහත් මානසිකත්වයක්ද මේ පාලකයින්ට තියෙන්නේ. මෙයාගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
රනිල් 2001 ඉඳලා කරන්න හදපු දේ අද මේ ආණ්ඩුව කරනවා. අවදානම් වුණත් ඒ දේවල් කලින්ම කළානම් මේක මේ විදිහට වැටෙන්නේ නෑ. නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ එම්.සී.සී.. මේ ආණ්ඩුවෙන් අත්සන් කරන්න සෑහෙන ඉඩක් තියනවා. රනිල් කුහක නොවී ඒවාට උදව් දෙන එක වටිනවා. රනිල් කියන්නේ දක්ෂිණාංශික ප්රතිපත්ති වෙනුවෙන් අවංකවම පෙනී ඉන්න එකම නායකයා...!
ආණ්ඩුවට කඩේ යනවා...
අමාරුවෙන් ගන්න ණයෙනුත් හොරා කන පාර්ලිමේන්තුවක් තියෙන එක කොයිතරම් වාසනාවක්ද?
කවදාවත් ගෙවන්න බැරි ණය ගැනීම වාසනාවක් කියන ඔබ වැනි දේශපාලුවන් අපිට අවාසනාවක්..
මම කවදාවත් රනිල් දේශපාලනේ අගය කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මෙම ප්රකාශයෙන් ඇඟවෙන්නේ ඔහු රටවල් ප්රමුඛතා හෙළි කරන මහත්මා දේශපාලනයේ කොටසක් බවයි. ඔහුගේ අනුගාමිකයින්ට මෙම හැඟීම් ලුහුබැඳ ගොස් වේගයෙන් ඉදිරියට යාමට ප්රාර්ථනා කරන්න.