(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ ඇත්තන්ගේ වැඩ කිඩ නිසා තෙල් පෝලිම්වලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අද හූ තියන බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

තෙල් ලබා ගැනීමට ගොස් අද මන්ත්‍රීවරුන්ද දුක් විඳින බව  ඔහු සඳහන් කළේය.

විතානගේ මහතා මෙසේ පැවසුවේ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා බස් රථ ධාවනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

හේශා විතානගේ මහතා එහිදී මෙසේද පැවසුවේය.

"  මන්ත්‍රීවරුන්  වෙච්ච වරද නිසා සදහා අද අපිටත් තෙල් ටික ගහගන්න බෑ.අපි පෝලිමේ හිටියම හූ තියෙනවා. ඇමැතිවරුන්ගේ ලේකම්වරුන්ට  ඩ්‍රයිවර්ලාට කියලා තෙල් ටික ගහ ගන්න බැහැ.

" අද සමහර මාර්ගවල බස්රථ නැහැ. රත්නපුරේ දුෂ්කර ප්‍රදේශවල මාර්ග රැසක බස්රථ නැතුව ජනතාව දුක් විඳිනවා. විශේෂයෙන්ම පාසල් දරුවන් මේ ප්‍රශ්නයට තදින්ම මුහුණ දෙනවා. ඒ ප්‍රශ්නය විසඳා දෙන්න.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා:

ආදායම් අඩු ප්‍රදේශවල බස් රථ ධාවනය සම්බන්ධයෙන් තීරණය ගැනීම ඒ අයට පවරල තියෙනවා. 

යම් අභියෝගයක් තියෙන බව පිළිගන්නවා. ඩිපෝ  ලාභ ලබන තත්ත්වයට පත්කරගන්න කටයුතු කරගෙන යනවා. අනාර්ථික මාර්ගවලට ගෙවීම අඩු කරල තියෙනවා. අපි පෞද්ගලික බස් රථ වලට ඉන්ධන දෙන්නෙ අතිරික්තයක් තිබුණොත් පමණයි.