
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මාර්තු 22-23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.
මෙම සංචාරයේදී උපලේකම් නූලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට නියමිතය.
අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සහ උප ලේකම් නූලන්ඩ් මහත්මිය මාර්තු 23 වෙනි බදාදා විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එකසත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ හතරවෙනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇත. ඊට අමතරව නූලන්ඩ් මහත්මිය ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකා එකසත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන් ඩී.සී හිදීය.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඥාණක්කාවත් මුණ ගැහෙයිද?
ඇමරිකාව කිසිම දවසක කිසිම රටකට ගියේ නෑ. ඒ රටේ යහපත පිණිස. අපේ වගකිව යුත්තන් පරිස්සමෙන් කළමනාකරණය කරගනීවි යැයි විශ්වාස කරමු..!