(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා පැවසීය
එලෙස භාරවී ඇත්තේ අද පෙරවරුවේ කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයාගේ පියා සහ සහෝදරයෙකු බවත් පොලිසිය සඳහන් කරයි
කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයා තුවාල ලැබීම හේතුවෙන් කලුබෝවිල ශීක්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර තුවාල වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් නිලධාරියකු පැවැසීය
රියදුරාගේ ඝාතනයේ සඳහා දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ මව හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් තුවාල ලබාසිටින බව ආරංචියි. මේ දෙන්නවත්, අනෙක් සැකකරුවන්වත් ආයුධ පෙන්වන්න රැගෙන යන්න... පව් නැහැ...