(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඒ අනුව එම පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව නියෝජ්‍ය කතානායකවරයා කීවේය.
නියෝජ්‍ය කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීරණය දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
රුපියල් කෝටි දෙසීයකට වැඩි ආදායම් උපයන සමාගම් හෝ පුද්ගලයන්ට සියයට 25 ක අධිභාරයක් පැනවීම සඳහා විධිවිධාන සැලසීම අධිභාර පනත් කෙටුම්පතේ අරමුණයි.
මේ අනුව මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනෙක සම්මත කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd