
අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත .
ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඇමතිවරයා එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇතැයි ද පවසා ඇත .
අත්‍යවශ්‍ය භාණ්ඩ ,ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇතැයි පවසා ඇති ඇමතිවරයා එම භාණ්ඩ ආනයනය ට ද මේ විට කටයුතු කරමින් පවතින බව සඳහන් කර ඇත .
මේ අතර ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇතැයි ද , ඒ අනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කර ඇත .
ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමඟ, දැනට රටේ පවතින ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟා කාලා ණයට අරන් එදිනෙදා ජීවත් වුණාම සේරම හරිද?
ඔය කියන ලබන සතිය කවදාවත් මේ ආණ්ඩුව ඉන්නකම් එන්නේ නැහැ... විදුලිය කැපීම මේ මාසේ පස් වෙනිදා වෙනකොට නවත්තනවා කීවා. ඉන්ධන හිඟය පසුගිය සතියේ සඳුදා වෙනකොට ඉවර වෙනවා කිව්වා. ඒවා මොනවත් වුනේ නැහැ. මේ වගේ මිනිස්සු රවටමින් තව මොනතරම් කාලයක් යන්න පුළුවන් වෙයිද?
ඔයා ඔය වගේම කතා කී පාරක් නං කියලා ඇත්ද? අපි දන්නේ නැති බැසිල්...
ලබන සතියේ එන්නේ කවදාද? ජනතාව මුලාකළා හොඳටම ඇති... හරියට කරන්න බැරිනම් යන්න.
ඩොලර් ප්‍රශ්නේ කවදාද ඉවර කරන්නේ? රුපියලේ අගය කවදාද එක ගානකට ගේන්නේ? ආනයනකරුවන් අතේ තියෙන බඩුටික මාර්කට් එකට දාන්නේ නැතුව ඉන්නවා ඔය ඩොලර් ප්රශ්නය නිසා. අපට රස්සාවක් කරලා ජීවත් වෙන්න ඉඩදෙන්න ඉස්සෙල්ලා.
අනුන්ගේ පිහිටෙන් අර්බුදය විසඳෙයි. මිල තමයි ප්‍රශ්නේ...
දාලා ගෙදර යන්න... පින් අයිතිවෙයි. ඔබට පාර්ලිමේන්තු ඒම සඳහා පොදු ජනතාව එකම ඡන්දයක්වත් දී නොමැත.
අර 5 වෙනිදායින් පස්සේ විදුලිය කපන්නේ නැහැ කිව්වා වගේද?
ඔය විදියට (අවසන් කරනවා කියලා) කී පාරක් කිව්වද මේ වෙනකොට...?
හැමදාම කිව්වේ ඔය බොරුවනේ...!
අර්බුදය විසඳන්න නම් ෙම් බඩුවල මිල පරණ මිලටම ගේන්න. ඉන්පසු මේවා නිසා ඉහළ ගිය භාණ්ඩ හා සේවාවල මිල අඩ කරන්න. එහෙම නැතුව ඔහෙලගේ කතන්දර මිනිස්සුන්ට වැඩක් නෑ.
කතාව නම් ඉවරයි... අගහිඟකම් හැමදාම...!
මේ අයුරින් ඩොලර් කෝටි ගණනින් ණය අරගෙන රටක් ඉදිරියට ගෙනයාමට හැකිවේද? රටේ ජනතාව කවදත් ඉන්ධන ගත්තේ අත්පිට මුදල් වලට මිස දෙන්නම් කාසි වලට නොවේ. එසේනම්, මෙසේ තෙල් ගැනීමට මුදල් නැති වූයේ කෙසේද? අනිවාර්යයෙන්ම, මේවායේ රට නොදන්නා, රටට සඟවන දේ තිබෙන බව පෙනේ. පොහොට්ටුවේ අය හුරේ දාගෙන හිටියේ බැසිල් මහතා මුදල් ඇමති වූ විට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියා. ඒත්, එවැන්නක් සිදුවූයේ නැත. සිදුවූයේ රට තව තවත් අවුලෙන් අවුලට පත්වීම පමණයි. බලය රැකගැනීමේ ක්‍රම තවත් අවශ්‍ය නොවේ. දැන් අවශ්‍ය වන්නේ විකල්පයකි. බදු හා බඩු මිල සීඝ්රයෙන් ඉහළ යෑම නිසා ජනතාවට දැඩිසේ බලපෑම් එල්ල වී ඇත...
අනිවාර්යයෙන්ම, නැතිනම් මහජාතියේ අවුරුද්ද කන්න වෙන්නේ පෝලිමේ..!