(උපුල් හේරත්)

මිහින්තලේ  මහ කනදරාව වැවේ ජලය උතුරු ප්‍ර දේශයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ලෝක ජල දිනය වන අද (22) දියවර ලබාදීමට තිබුණු ආරංචියකට අනුව ඊට විරෝධය පා මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් ගොවීහු දහසකට අධික සංඛ්‍යාවක් එම ජල පොම්පාගාරය  අසල උද්ඝෝෂණයක නිරත වූහ .

මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් ගොවීන් හා ගෙවිලියන් දහසකට අධික ප්රනමාණයක් අද (22) උදෑසන මහ කනදරාව වැව් බැම්ම මතට එක් වූහ .යතුරු පැදි ,පාපැදි, ගොවි වාහන, අත් ටැක්ටර් හා බස්රථ වලින් පැමිණි ඔවුහු පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ "ඔටුනු වලින් ගොවියාට   ඇති පලක් නැති - වැටුණු වළෙන් ගොඩ ගෙන  නැගිටුවොත් ඇති." යන තේමාව පදනම් කරගෙන උද්ඝෝෂණය නිරත වුහ.

මහකනදරාව ජල පොම්පාගාරයේ සාමාන්යන අධිකාරි  එස්.රත්නායකමහතාට ගොවීන් විසින් සැකසූ සංදේශය භාර කළේය .මහ කනදරාව වාරි ඉංජිනේරු කොලු විල ආරච්චි මහතා විසින් ගොවින් නැගූ  ප්රොශ්න හමුවේ උත්තර දීමට නොහැකි  විය .ඉංජිනේරුවරයාගේ පිළිතුරු ගොවීහු  ප්‍රතික්ෂේප කළහ. එහි දී පාලක පක්ෂය හා ගොවින් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගැනිණ .

මහ කනදරාව වැවේ ජලය යල් කන්නයට  ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී බිලියන ගණනක් මුදල් වැය කරමින් ජල පොම්පාගාර හදා ,මේ ප්රරදේශයේ සිටින ගොවි ජනතාව වලපල්ලට ඇද දමමින් රජයේ විසින් මේ කරන්ඩ යන  විගඩම වහා නවත්වන ලෙස  සුසන්ත කුමාර නවරත්න මහතා වාරි ඉංජිනේරු හා හමුවේ කියා සිටියේය .

ඊට ගොවීන් දහසකගේ අත්පොලොසන් හා හූ හඬ මැද දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනිණ . වාරි ඉංජිනේරුවරයා හා සාමාන්‍ය  අධිකාරිවරයා   නිහඬව සිටිය දී බෝ ගහ යාය විහාරාධිපති පූජ්‍ය  මොරවක ආනන්දවංශ  හිමියන් විසින් එම ප්රිදේශයේ ජනතාව සන්සුන් කළ පසු  ගොවීන් ඉන් පිටව ගියේ , තම ප්‍රෙද්ශයේ පානීය ජල අවශ්‍යතාව සපුරන්නේ නැතුව උතුරු ප්‍රෙද්ශයට ජලය ලබා දීමට කොහෙත්ම  ඉඩ නොතබන බව පවසමිනි .