ආචාර්ය උපාධි සම්පූර්ණ නොකළ සරසවි ඇඳුරන්ට ගෙවූ මුදල් යළි අයකර ගනියි ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන එය සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 12 December 2021
තොරතුරු කොමිසමට අලුතින් සාමාජිකයන් තොරතුරු දැන ගැනිමේ කොමිසමේ නව සාමාජික මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබ ඇත. 12 December 2021
අයවැයට පක්ෂවූ හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වැඩ වරදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 12 December 2021
මුහමාලෙන් මිනිස් අස්ථි කොටස් සහ කොටි ඇදුම් හමුවෙයි කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත්කරමින් සිටි රාජ්‍ය නොවන සංවිධානයකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් සමගින් කොටි ත්‍රස්ත නිලඇඳුම් සහ ආයුධ කිහිපයක් හමුවී ඇති බවට පොලීසිය පවසයි. 12 December 2021
පාසල් සිසුවාට රජකාලේ දඬුවමක් දුන් ගුරා පැන යයි වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකුට එම පාසල තුලදී ඉතා අමානුෂික ලෙස එස්ලෝන් බටයකින් පහරදී තුවාල සිදු කොට සැඟව ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි. 12 December 2021
අත් ට්‍රැක්ටරයෙන් මරුවා එයි ගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු තමන් සීසාමින් සිටි අත් ට්‍රැක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 12 December 2021
ගෑස් සම්බන්ධයෙන් අපේ අඩුපාඩු තිබුණා රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් තිබුණා. එය මහත් අඩුපාඩුවක්. එය අපි පිළිගත යුතුයැයි වැවිලි කර්මාන්ත හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සීනිගමදී පැවසීය. 12 December 2021
පොලිස් වෙසින් බම්බලපිටියේ දී රන් භාණ්ඩ කොල්ල කෑ කුඩ්ඩා මාට්ටු බන්ධනාගාරයෙන් නිදහස්ව එන විට සොරකම් කරගෙන ආ අත් මාංචු යොදා ගනිමින් පොලිසියේ යැයි පවසා පසුගියදා බම්බලපිටිය ලෝරන්ස් මාවත ප්‍රදේශයේදී රථ ගාලක මෝටර් රථය තුළ සිටි පුද්ගලයාට මාංචු දමා රන් භාණ්ඩ හා මුදල් මංකොල්ල කෑ සැකකරුවකු කිරුලපන පූර්වාරාම ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 5900 සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි. 12 December 2021
වැස්ස අද සිට වැඩි වෙයි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (12) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 December 2021
පැය භාගයක විදුලි කප්පාදුවක් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම නිසා පස්වරුව 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30 ක විදුලි සැපයුමේ කප්පාදුවක් කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 December 2021
හොර හැඳුණුම්පතකින් පෙනී සිටි නාවිකයා අල්ලයි ව්‍යාජ හැඳුනුම්පතක් සකසා අන් අයකු ලෙස පෙනී සිටී හිටපු නාවික සෙබළකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 December 2021
ඉන්දීය සහල් දේශීය කිරීමේ ජාවාරමක් ඉන්දියාවෙන් ආනයනය කළ සහල් දේශීය වෙළෙඳ නාමයන් සඳහන් මළුවල අසුරා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් විමර්ශන ඒකකය නිකවැරටිය ප්‍රදේශයේදී සහල් කිලෝ 7,500 ක ට මුද්‍රා තැබිය. 12 December 2021
කැබ් රථය අඩි 150ක් පහළ ගඟට වැටේ බණ්ඩාරවෙල ඇල්ලතොට දී අද 11 සවස කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයක පිහිටි ගගකට පෙරළීමෙන් එහි රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි. 11 December 2021
ඇමැති කමක් නැතිව ආතතියට බෙහෙත් ගන්න මන්ත්‍රිණිය කවුද පොහොට්ටු පක්ෂ මන්ත්‍රීන්ගේ හමුවක් ගිය සතියේ පැවැත්වුණේ ආණ්ඩුවේ දෙවැනි ලොකු මහත්තයාගේ ප්‍රධානත්වයෙනි .පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමතිලා බොහෝ දෙනෙකු මේ හමුවට පැමිණ සිටියේ කාලෙකට පස්සේ තමන්ට තියෙන දුක්ගැනවිලි ,ගැටලු ,ප්‍රශ්න කියන්නත් ලැබුණු අවස්ථාවක් නිසයි. 11 December 2021
දස දහසකගේ දිවි අළු කළ කොටදෙණියාවේ ගින්න කොටදෙනියාව වරාදල ප්‍රදේශයෙ කුකුල් ගොවිපලක අද 11 ඇති වූ ගින්නකින් කුකුළන් දහස් ගණනක් පිළිස්සී මිය ගොස් ඇතැයි කොටදෙනියාව පොලීසිය කියයි. 11 December 2021
පළමු වටයේ අදත් 500 සීමාව පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 577 දෙනකු අද(11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 December 2021
කොරෝනා මරණ 20 සීමාව පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 December 2021
ඉංජිනේරු ප්‍රියන්තගේ ඝාතන නඩුව දිනපතා විභාගයට පාකිස්තානයේ සියල්කොට් හිදි ඇඟළුම්හලක සාමාන්‍යාධිකාරීවරයකු වූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට පන්ජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර ඇත 11 December 2021
ගංජා ජාවාරමේ ගිය කොස්තාපල් මාට්ටු රුපියල් ලක්ෂ 10 ක ට අධික වටිනා කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය මඟින් පුලියම්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ. 11 December 2021
බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ල කයි බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු වෙළෙඳ ආයතනයකට අද (11) සවස ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකු එහි තිබූ රන් බඩු කොල්ලකා අහසටත් වෙඩි තබා පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි . 11 December 2021
වෙනිවැල් ගබඩාකර සිටි තිදෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව වෙනිවැල් කිලෝ 400 ක ප්‍රමාණයක් වූ ගබඩා කර කරමින් සිටී සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ලබුගම කලටුවාව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුව ට ගෙන ඇත. 11 December 2021
හෙට අහසට අමුත්තෙක් පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි තරම් ඉතා කලාතුරකින් දිස්වන වල්ගා තරුවක් හෙට (12) පියවි ඇසින් දැක බලා ගත හැකි බව තාරකා විද්‍යාඥයන් පවසයි. 11 December 2021
කබ්රාල් සහ ආටිගල අනිද්දා කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද කැඳවනු ලැබ සිටිති. 11 December 2021
සරසවි ඇදුරන් 25ක් කෝටි හයක් කාබාසිනියා කරලා පශ්චාත් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට 2009 සහ 2017 අතර කාලයේදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලබාදී තිබුණද ඔවුන් උපාධි පාඨමාලා අතරමග අතහැර දමා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව)පවසයි. 11 December 2021
බසය උඩුකුරුව පෙරළී මගීන් 11 රෝහලේ පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 11කණුව පුදේශයේ බස් රථ අනතුරක් උඩුකුරුව පෙරළීමෙන් මගීන් 11දෙනකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව වනාතවිල්ළුව පොලීසිය කියයි . 11 December 2021
ආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා එම ධූරයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවතත් ප්‍රකාශ කළ බව ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 December 2021
නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට හදිසි ස්ථානමාරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර නව රාජකාරි සඳහා පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 11 December 2021
මෙරට හමුදා නිලධාරීන් දෙදෙනෙකුට අමෙරිකාවෙන් තහනමක් මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම් පැනවීමට කටයුතු කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි. ජේ. බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී. 11 December 2021
විසර්ජන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 11 December 2021
පාර්ලිමේන්තුවේ විදුලිය නැතිවීම: සී.අයි.ඩී වාර්තාව ළඟදීම කතානායකට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම පැයකට ආසන්න කාලයක් අක්‍රියවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි නිලධාරීන් ඇතුළු සේවකයන් දස දෙනෙකුගෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 11 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026