IMG-LOGO

අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන් හට විරෝධතා සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට හැකියාව තිබෙන බවත් එයට බාධා එල්ල නොකළ යුතු බවත් එම සටහනේ දැක්වේ.

සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සහ කිරීම තුලින් රටේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය තවත් නරක අතට හැරිය හැකි බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පැවසුවාය.

තවද ජනතාවගේ උපදෙස් ලබා ගනිමින් සාමකාමී විසඳුමකට යාම ඉදිරියට යා හැකි එකම මාර්ගය බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පෙන්වා දුන්නාය.  

ශ්‍රී ලංකාවේ සිදුවන වත්මන් බල හුවමාරුවේදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට උදව් විය හැකි ආකාරය සිතා ගත නොහැකි බව එම සටහනේ දැක්වේ. 



අදහස් (12)

අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක්

ashok Friday, 22 July 2022 11:27 AM

දැන්වත් මේ හොර තක්කඩි නායකයන්ගේ දේශපාලනය නැති කරලා ලෝකයේ පිළිගන්න යහපත් රටක් බවට පත්කරන්න.

:       9       43

Bandara Friday, 22 July 2022 11:30 AM

බම්බු ගහන්ඩ කියන්ඩ

:       38       14

Singer Friday, 22 July 2022 11:35 AM

ඉරිසියාවට ඔහොම කීවට රුසියාවට මොනවත් කියන්නේ නැහැ--

:       39       16

SL Friday, 22 July 2022 11:39 AM

රනිල් මාසෙන් එලවනවා කියන අරගල කරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී ද ?

:       36       18

sharm arnFriday, 22 July 2022 12:38 PM

ඇයි රනිල් ජනාධිපති කරන්න කවුරුහරි අරගලයක් කළාද?

:       2       25

nanda Friday, 22 July 2022 12:03 PM

රටේ අනාගත දරු පරපුර ගැන හැඟීමක් එන්න ... එහෙම කෙනෙක් වෙන්න එපෑයෑ..

:       4       20

SUNIL MILANO Friday, 22 July 2022 12:29 PM

මෙයාලාට බම්බු ගහන්න කියන්න... රටේ ජනතාව බඩගින්නේ... ඒවට වගේ වගක් නැහැ. අරගලය තමයි එයාලට කියෙන ලොකුම ප්‍රශ්නය. අර රුසියාවට ඔයටික කිව්වා නම් ඉවරයිනේ.. ඒකගැන වගේවගක් නැහැ.

:       26       9

lakvidu Friday, 22 July 2022 02:22 PM

රටේ ජනතාව බඩගින්නේ ඉන්න තැනට වැඩකළේ මේ ජඩ දේශපාලක හැතිකරේ තමයි. අන්තිමට අපට ඒකෙන් ගොඩඑන්න අපි පිහිට ඉල්ලන්නේ ජාත්‍යන්තරයෙන් බව අමතක කරන්න එපා.

:       0       0

KanthiFriday, 22 July 2022 03:05 PM

ජාත්‍යන්තරයේ ඉන්නේ ලංකාවාසීන් වගේ දූපත්වාසීන් නෙවෙයි...

:       0       0

rocky Friday, 22 July 2022 01:35 PM

සුනිල් මිලානෝ මහත්තයෝ, රටේ ජනතාව බඩගින්නේ ඉන්නේ මේ අය හොරකම් කරලා රට හොරා කාපු හින්දයි. මේ නැගිටින්නේ සාදුකින් පෙළෙන අය...

:       4       19

Bamunuarachchi Saturday, 23 July 2022 07:44 AM

මේක යකාගේ වැඩක්නේ. අරගල කරුවන් රටේ කරපු ගිනිතැබීම්, මංකොල්ල කෑම් ජනතාවට කරපු හිංසන ඒවා ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක් නැද්ද? ඒවා ගැන රජයට දැඩි අවධානයක් තිබෙන නිසාත්, ජනතාවගේ එදිනෙදා කටයුතු පහසු කිරීම සඳහා තමයි ඔය එලවා දැමීම සිදුකළේ. එලවන විට නොගිය නිසයි පහර දීම සිදුවුනේ. කැරලි මර්දන ඒකකයට උපදෙස් දුන්නේ කැරලිකරුවන් එළවා දමන්න. අවනත නොවන කැරැලි කරුවන් එළවා දැමීමේ උපක්‍රම කැරලි මර්දන ඒකකයට අයත්...!

:       0       0

Ishan Ahamat Saturday, 23 July 2022 09:12 AM

රනිල්ට දන්නෙ විරොදතා ව්‍යාපාර මිලිටරි බලෙන් යටපත් කිරීම එදා බටලන්දෙදි වුනා වගෙ. රටෙ ජනතාවටත් තිබුන රණවිරු ගාය රනිල් විසින් නිට්ටවටම සුව කලා. හමුදා සමජිකයින් සිතිය යුතුයි ජනතාවට තිබෙන ප්‍රස්න ඔවුන්ටත් තිබෙනවා කියා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 17 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site