
(ඩයනා උදයංගනී)
ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර ඇති ඇති බවත්, අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ජනාධිපති කාර්යාලය අසලින් අද (22) ඉවත්වන බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදීත් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඒ සියල්ලට වගකිව යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
මෙම අවස්ථාවේ අපමණ දුක් පීඩාවන්ට ලක්ව සිටින අහිංසක ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් හා හමුදා බලය යොදා මර්දනය කිරීම වහා නවතා දමන්නැටි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුරේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගාලුමුවදොර පිටියේ හා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ නිරායුධ, කිසිඳු ප්‍රචණ්ඩත්වයකින් තොරව හා ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවයේ යෙදී සිටි අරගලකරුවන් වෙත රාත්‍රී නින්දේ සිටි අවස්ථාවේ දී එල්ල කළ ව්‍යවස්ථා විරෝධී මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකර එයට පණදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ වෙනකොට ජනාධිපති කාර්යාල පරිශ්‍රය අතහැර අයින් වෙනවා කියලා පොරොන්දුවෙලා හිටිය මිනිස්සු නේද මේ ගහලා එලෙව්වේ...? ජවිපෙ සහ රතුකුරුස කණ්ඩායම ප්‍රහාරය පටන්ගන්න කලින් අයින් වුනා. ජනාධිපති මේ ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි.
ඇත්තටම? එතකොට රනිලගේ ගෙට ගිනිතියන එක ව්‍යවස්ථාවට එකඟද?
තරුණයින් උසි ගන්වන අය අත්අඩංගුවට ගත යුතුයි.
ඔයාවත් දැන් එපාවෙලා තියෙන්නෙ..
අරගලය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මේ රටේ මිනිස්සු හොඳටම දන්නවා. ශ්‍රී ලංකාව නිරාගමික රටක් කරලා තමන්ට ඕනෑ දේවල් කරගන්න තමයි මේ දඟලන්නේ... ඒක තේරුම් ගන්න පුළුවන් සිද්ද වෙන දේවල් දිහා හොඳින් බැලුවොත්. හැම කෙනාම කියන විදිහටම රට පාලනය කරන්න බෑ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ හැමෝටම...
බොර දියේ මාළු බාන්න දක්ෂ අය. යුද්ධය කාලයේ උතුරු නැගෙනහිර බහුතරයක් දෙමළ හින්දු අය දෙමළ, කතෝලික ක්‍රිස්තියානි කළා. රට අස්ථාවර නම් මෙයාලා කැමැතියි. තම ආගමික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා...
පාදිලිගෙ චර්ච් එකෙන් තමයි සල්ලි විසිකරන්නෙ, මෙ කඩකප්පල් කාරි වැඩ වලට රාජ්‍යය මෙයා රටට විරුද්දව වැඩ කරන්නෙ.
ඔබතුමාලාට දැන්ද ව්‍යවස්ථාව ගැන සිහිවෙන්නේ ඔබතුමාලාගේ රාසප්පු ජෝෂප් පියතුමා කොටින්ට උදව් කරලා මිනිස්සු දාස් ගණන් මැරෙනකොට ඔබතුමාලා කට වහගෙන හිටියා. ව්‍යවස්ථාවේ තියෙනවාද රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීමට හැකියාව තියෙනවා කියලා උද්ඝෝෂණකරුවන්ට. උද්ඝෝෂණය කියලා හා විවිධ කොටස් මංකොල්ලකාරයින්, කුඩුකාරයින්, අන්තවාදී දේශපාලන සංවිධාන කොටි ඩයස්පෝරාවේ සල්ලිවලට වහල් වී මෝඩ මිනිස්සු ටිකක් ඉස්සරහට දාගෙන කරපු දේවල් ව්‍යවස්ථානුකූලද?