(නිමල කොඩිතුවක්කු)
අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද (22)පැවසීය.
අරගලකරුවන් පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අරගලකරුවන්ට, නීතීඥයන්ට, මාධ්‍යවේදීන්ට පහරදිම රටේ ප්‍රතිරුපයට විශාල හානියක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
"මෙම සාමකාමී අරගලය දෙස මුළු ජත්‍යන්තරයම බලගෙන හිටියා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුළත මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්. එසේ තිබියදි මෙම පහරදිම ගැන අපිට කිසිසෙත්ම පිළිගන්න බැහැ. අරගලකරුවන්ට වීහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා පසුගියදා පක්ෂ නායක් රැස්වීමෙදි නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා. පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අහිංසක අරගලකරුවන්ට,නීතිඥ මහත්වරුට, මාධ්‍යවේදීන්ට ,ජත්‍යන්තර මාධ්‍යවේදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්.
අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක විශේෂයෙන්ම බටහිට රටවල්වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවනි ප්‍රහාරයක් එල්ල කිරිම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමිමක්.
ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරෝපා හවුල ,මහා බ්‍රිතාන්‍ය ,ඇමෙරිකව,කැනඩාව වැනි රටවල් තරයේ හෙළා දැකලා තියනවා. දැනටමත් අපේ රටට විරුද්ධව ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා. දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුණාම අපිට විශාල ජත්‍යන්තර අර්බුදයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ රජය යන්නෙත් පරන රජය ගිය පාරේමයි කියන එක ඉතාමත් පැහැදිලියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරුවන්ව ගෙදර ගිහින් තියාගත්තා නම් හරි...
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මොනවා කිව්වත් නව ජනාධිපතිවරයා සිදු කරන්නේ තමන් බාරගත්තු කාර්යය...
විහාරමහා දේවී උද්‍යානය ළමයින්ට හා වෙනත් පුද්ගලයින්ට විවේකීව සිටීමට තිබෙන තැනක්. කොහෙවත් ඉන්න රැලකට ඒක දීම සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සාමාන්‍ය ජනතාව පරිසරයත් සමග විවේකීව සිටින තැනකට උද්වේගී අදහස් ඇති අය පැමිණීම සාමාන්‍ය ජනතාවට හිරිහැරයක්. මෙවැනි තීරණයක් ගැනීමට පෙර සාමාන්‍ය ජනතාවගෙන් අදහස් විමසන්න ඕනෑ. එහි සමහර දේවල් වසර ගණනක් පැරැණි ඒවා. කෙසේවෙතත් එවැනි ස්ථානයක මෙවැනි රැලකට දෙනවා නම් නිවාස අහිමි කොළඹ ඉන්න පුද්ගලයින්ටත් මෙහි පදිංචි වන්නට අවසර දිය යුතුයි...
සිංහයෙක් කියාගන්නා කෙනෙකු පැන්නුවා මතකද? එහෙනම් පොඩ්ඩක් ඉන්න.
ඕන ගොනෙකුට අරගල කරන්න පුළුවන්...
කොළඹ - නුවර මාර්ගයෙන් ගසාකෑ මුදල් ටිකක් මේ අයට දෙන්න බැරිද?
මෙයාගෙ පුද්ගලික දේපලක්ද විහාර මහ දේවි උද්‍යානය කියන්නෙ? නොදන්නා හැඩයි, විහාර මහා දේවි උද්‍යානය කොලඹ නාගරිකයන්ගෙ බදු මුදලින් නඩත්තුවෙන කොලඹ නාගරිකයින්ගෙ සුව පහසුව පිනිස පවත්වාගෙන යන ස්ථානයක්. තම තමුන්ගෙ පුද්ගලික පටු දේශපාලු අදහස් වලින් පොදුජන හිත සුව පිනිස තියන දේපල විනාශකල කාලය අවසන් බව හොදින්ම මතක තියාගත්තොත් කාගෙ කාගෙත් මානසික හා ශරිරික සුවයට හොදයි.
අරගල කරුවන්ට තැනක් හදලා. දෙන්න පෙර මේ පප්පලා ටිකට සැඳෑසමය ගත කරන්න තැනක් හදලා දෙන්න වෙයි. එදා ඡන්දේ දවසේ දැක්කා මේ පප්පා එක්ක අනික් පප්පලා උන්නු හැටි...
පොඩි ළමයෙකුට ගිහින් විනෝදවෙන්න තියෙන තැනක් කුඩ්ඩන්ට, පොකට්කාරයින්ට හෙවන දෙන අරගලේකට දෙන්න ඕනේ නැහැ කොහෙත්ම... ඔය අරගලවලට ඉඩම් දුන්නු මහ ප්‍රජතන්ත්‍රවාදියාට උන් හිටිතැන් නැතිවුනේ.
"මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්" — ඒ කියන්නේ පාෙඩි විරාමයක් ලබාගෙන, පිටරටවලින් සල්ලි ටිකකුත් ඉල්ලාගෙන ආයෙත් බැට් කරන්න ගන්නවා නේද? මෙය "බිග් මැච්" එකක් නාෙවන බව තේරුම් ගැනීමට මොහු වැනි අයට තව කෙතරම් කල් ගතවේද?
අපේ ළමයින්ගේ පාසල් අසල අරගල භූමිය සඳහා වෙන් කිරීම සාධාරණයිද? මේ දේශපාලකයන් කවදාවත් මිනිස්සු ගැන හිතන්නෙම නැති කොටසක්... මෙයාලගේ ඉඩමක් දෙන්න බැරිද?
රාජ්‍ය විරෝධී අරගල නඩත්තු කිරීම රජයේ වගකීමක්ද?
ගෙදර එක්කගෙන යන්න...!
අහිංසක අරගලකරුවන්ට? අඩේ එහෙම අරගල කරුවොත් ඉන්නවද? ඔයාගේ දුවලාව බන්දලා දෙන්න...
හැබැයි අරගල කාරයින් පාරට බැස්සොත් කකුල් කඩන්න අපිට පාරේ නිදහසේ යන්න තිබෙන්න ඕනේ...
බොරු කියන්න එපා. අනුන් විවේචනයට නම් එකමුතුයි. වැඩක් බාර දුන්නාම හත් අතට අදිනවා. ගොන්නුයි, බූරුවයි, බල්ලොයි, එක බානට තියලා බැන්දා වගේ.... තීරණයක් ගන්න බැරුව එක එක්කෙනාගෙ මූනට එබෙනවා. කොන්දේසි දානවා. Opposition හොඳයි මරණ ගෙවල් වල පාලු කපන්න...
ලංකාවේ මිනිස්සුන්ට මේ විඳින දුක මදි.