(යොහාන් භාසුර)
කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සහ දිවයිනේ ස්ථාන රැසකදී විරෝධතාවක පැවැත් වූහ.
‘ගහලයාව පන්නගන්න ජනතාවනි එකතු වෙන්න’ සහ ‘මැර ජනපති පන්නමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එම පිරිස විරෝධතාවයේ නිරතව සිටිති.
අනුරාධපුරය,කළුතර,ගාල්ලා ආදි නගරවලදී මෙම ප්‍රහාරයට එරෙහිව විරෝධතා පැවැත්විණි.
අනුරාධපුර නගරයේ (තලාව උපුල් හේරත්)
(කළුතර නගරයේ සුමිත් ප්‍රේමතිලක)
ගාල්ල නගරයේ ඩී.ජී.සුගතපාල
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අරගලකරුවන්ට ප්‍රහාර දුන්නාට කොටුවේ විරෝධතාවක්
Lelwala Friday, 22 July 2022 10:42 AM
එකම ප්‍රතිකර්මය වඩාත් හොඳයි..
KalanaFriday, 22 July 2022 01:25 PM
ඉතිහාසය යළි කියවයි... ගේම්, මර්දනය ඔහු රජුයි.. ඔහුට හුරුයි...
අතුල යාපා Friday, 22 July 2022 10:47 AM
ගරු ජනාධිපති තුමන් බණ්ඩාරනායක මහතා වගේ මේ බල්ලන්ටික බදින්න කටයුතු කරන්න. නැතිනම් රට ඉදිරියට යන්නේ නැත.
perakumFriday, 22 July 2022 02:00 PM
ඔවුන් සෑහෙන දෙයක් කළා. බල්ලන්ට සැසඳීම වැරැදියි...
කාන්ත Friday, 22 July 2022 10:53 AM
අර හැමදාම ළමයිගැන හිතන ස්ටාලිං මාමයි. එයගේ ගුරු විදුහල්පති සංගං සේට් එකයි. ආයෙත් ළමයින්ට පාඩම් උගන්වන්න වගේ ලැස්තිය. හැබැයි රනිල් මාමා අපට ආදරෙයි. ගොටා මාමා ඔයාලටනේ ආදරේ කලේ..
Bandara Friday, 22 July 2022 11:01 AM
මේ අයවත් පන්නලා දාන්න දුරදිග යන්න කළින්ම...
sharm warn Friday, 22 July 2022 11:01 AM
අනිවාර්යයෙන්ම ජනතාව මේකට විරෝධය පෙන්වන්න ඕනෑ.. මොකද ජනතාව ඉල්ලපු වෙනසක් නෙමෙයි මේ වෙන්නේ... බලයේ ඉන්න හොරුන්ගේ මනාපෙට වෙච්චි වෙනසක්... මිනිස්සුන්ට මතක නැහැ අරගලය පටන් ගත්තේ ඇයි? රාජපක්ෂලාව එළවන්න ඕනෑ වුණේ ඇයි කියලා? දවස් 100ක් යද්දී මෙහෙම නම් තව කොහේද?
SL Friday, 22 July 2022 11:03 AM
ජවිපෙ, පෙරටුගාමී හරක්ට මෙහෙම නටන්න දෙන්න බැහැ AKD, කුමාර් ගුණරත්නම්, අලුත් ආණ්ඩුව තමුන්ගේ නොවුනට කරන්න දෙයක් නැහැ ඉවසන් ඉන්නවා. අලුත් ආණ්ඩුවට වැඩ කරන්න දීලා, බල්ලන් ටික බැඳ ගන්න මනුස්සයෝ. මොන කරදරයක්ද මේ?
sharm warnFriday, 22 July 2022 11:52 AM
ආ.. ඒ කියන්නෙ ඔයාගෙ ගෙදරට ගෑස් ටික ලැබෙනව, කෑම බීම අඩු මිලට ( පරන මිලටම) එනව. . ඔයයි ඔයාගෙ දරු පවුලයි සුවසේ ඉන්නව, අල්ලපු ගෙදර උන්ට හෙන ගහුවත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. . ඔයාගෙ ගෙදරට හෙන ගහනකල් . . එහෙමද? මෙ මිනිස්සු පක්ශ පාට නිසා පාරට අවෙ නැහැ කියලත් මතක නැහැ.. ඉතින් කොහෙද රටක් හදන්නෙ..
Bandara Friday, 22 July 2022 11:31 AM
මේ අයව ගහල පන්නන්ඩ.
Aruna Friday, 22 July 2022 11:32 AM
එලෙව්වනම් පලයල්ලා වද නොදී - අපිට ගෙදර උන්ට කන්න දෙන්න තියෙනවා - උඔලට වාගේ මිත්‍රයෝනෑ අපිට කන්න ගෙනත් දෙන
sharm warnFriday, 22 July 2022 12:40 PM
ඉතින් කවාගන්නකෝ ඔයාගේ ගෙදර අයට කියලා.. කවුරුවත් එපා කිව්වේ නැහැ. හැබැයි වැඩිකල් නොයා හයිටියේ වගේ මැටි රොටිකන්න වුණොත් අඬාගෙන එන්න එපා.
saman Friday, 22 July 2022 12:52 PM
ඩොලර් ගොඩක් රස ඇති... ඒකයි මේ...!
maheesh Friday, 22 July 2022 02:23 PM
අන්තරේ උදවියගේ ප්‍රධාන වැඩේ ඉගෙනීම නෙමෙයි, උද්ඝෝෂණ, කැම්පස් වැහුවත් ඇරියත් ඕක තමා. හිටං කාලේ නම් ඇප නැතිවෙන්න දුන්නා වගේ මතකයි...