(අංජුල මහික වීරරත්න)
මිත්‍ර රටවල්වල සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ගෙන ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අද (22) පැවසීය.
විවිධ මත තිබුණත් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ වගකීම් ඉටු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් තමාත් අතර සුහදතාවය තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා වෙනස් දේශපාලන මත තිබුණත් ඉලක්ක කරා ගමන් කිරීමට විශ්වාසය සහ අනෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන බවද පැවසීය.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද කීය.
අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් ජනාධිපතිවරයා විසින් අද මට පවරනු ලැබුවා. අපේ අත්දැකීම් සම්භාරය එක් කර අපේ මාතෘ භූමියේ ජනතාවගේ ප්‍රාර්ථනාවක් ඉටු කිරීමට කැපවීමෙන් ස්ථිර වැඩ පිළිවෙලක් අනුව වැඩ කරනවා. අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු ඉතිරි සති කිහිපය තුළ අය වැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
අපේ වැඩ සටහන පැහැදිළිව සකස් කර ගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී ඕනෑම කොටසකගේ වේදනාව වෙනුවෙන් සාකච්ඡා කරන්න අප කැප වී සිටිනවා. අවිහිංසාවාදීව අත්වැල් බැඳගෙන මාතෘ භූමියේ සියළු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවේ එකඟතාවය ඇති කර ගැනීමේ පසුබිම සකස් වී තිබෙනවා.
අපේ අර්බුද වලින් ප්‍රධාන වන්නේ ආර්ථික අර්බුදයයි.
අද කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් පසු අපේ මිත්‍ර රටවල්වල සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ගෙන ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කෙරෙනවා. අප ඉදිරියට ගමන් කරන්නේ මහජන සිතුම් පැතුම් සමගයි. දෙවන ලෝක සංග්‍රාමයේදීත් රුසියාව එක පැත්තකත් අමෙරිකාව තව පැත්තකත් බ්‍රිතාන්‍ය තව පැත්තක් මතවාදීව සිටියා. ලෝකය රැක ගැනීම සඳහා පැසිස්ට්වාදය පරාජය කිරීමට ඒ රාජ්‍ය නායකයින් අත්වැල් බැඳ ගත්තා.
විවිධ මත තිබුණත් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවාරයාත් මාත් අතර සුහදතාවය තිබෙනවා. විවිධ දේශපාලන මත තිබුණත් අප අතර කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මිස වෛරී පුද්ගලයින් වුයේ නැහැ. ජනාධිපතිවරයා අත්දැකීම් බහුල පුද්ගලයෙක්. සය වරක් අගමැති ධුරය දැරූ අයෙක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු හොරා එක්ක ...
ඒකට ගැලපෙන නායකයෙක් පත්කර ගත්තා නේද? මේ නායකයා ගැන පාර්ලිමේන්තුවේදී ඔය කියපු ඒවා දැන් අමතකද? අපට නම් මතකයි. එහෙමනම් අලිබබා සහ හොරු 40 නාට්‍යය තමයි බලන්න වෙන්නේ...!
අගමැතිතුමා දිවුරුම් දෙන්න කලින්ම ජනාධිපතිතුමා වැඩ පටන් ගත්තා. අපි දැක්කා.
කටින්ද හදන්නේ? මට නම් හිනා යන්නේ අනිත් පැත්තෙන්...!
ආර්ථිකය කෙසේ වෙතත් මේ දෙන්නාගේම අතපය නම් බොහෝ ශක්තිමත් අහිංසක මිනිස්සුන්ට අමානුෂික ලෙස පහර දෙන්නට. වැඩි කලක් යෙහෙන් වැජඹෙන්න ජනතාව ඉඩදෙන්නේ නැහැ.
මෙච්චර කාලයක් පොල් ගෑවද ?
රෙද්ද පල්ලෙන් තමයි.
අර පාර්ලිමේන්තුවේ කැ ගහපු බැංකු හොරා එක්කද රට හදන්නේ...? නුඹලාට දිවවල් දෙකයි... එහෙනම්..!
අසු ගණන් වල හොඳට කොන්ඩෙත් තිබිච්ච තරුණයා කාලේ ඉඳන් අවුරුදු 73 ක මුත්තා කෙනෙක් වෙනකම් ඔය දියවන්නාවේම ජිවිතේ ගතකළත් අහවල් දේ හරියට කළාය කියල කියන්න හරි හමන් කිසිම දෙයක් නැති ඔබට පුලුවන්ද ඔය කියන ශක්තිමත් ආර්ථිකේ මේ කඩිමුඩියේ හදන්න? අනේ නිකන් ඉන්න බැරිස්ටර් මහත්තයෝ.
කයිවාරු කියවන්නේ නැතිව ඉන්න ටික දවස නිශ්ශබ්දව හිටියා නම් නේද ඇඟට ගුණ..?
තාත්තාත් 1965 අලියගේ දෑත් ශක්තිමත් කරන්න අලියගේ පිටේ නැග්ග එක පුතාත් කළාම කියන්නකෝ...!
දැන්ද ආර්ථිකය ශක්තිමත් කරන්න මතක් වුනේ? අපි මැරිලා උපන්නේ නැහැ. ඔබතුමා අවුරුදු හතලිහක් පමණ පාර්ලිමේන්තුවේ කරපු දේවල් මොනවාද?
ඕකට සරලව කියන්ට පුළුවන් කැනහිල් න්‍යාය කියලා... මේ තාක් කල් ඕක කරන්නට බැරිවෙලා තියෙන්නේ ඇමැතිකම් දරපු ආණ්ඩු ඉඩ දීපු නැති නිසා වෙන්ට ඇති. අපේ පරණ කියමනක් තියනවනේ තාත්තා කළ දේ පුතා නොකළොත්... නොට්ටිගේ පුතා කියලා. මෙයා නම් අම්මයි තාත්තයි දෙන්නම කළදේ කළා...
ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න හිතාගෙන ඉන්නේ හීනෙන් වෙන්නැති. දූෂිත පවුල් පාලනේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කෙරුවා. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු හැටි ලෝකෙම දැක්කා. දේශපාලුවන් කියන අමන කතා අහන්න දැන් කවුරුත් ලෑස්ති නැහැ.
ඔහෙලා අවුරුදු 40-50 ඔය කයිවාරු ගැහුවේ අන්තිමට රට බංකොළොත් වුණා... හොරකම්ම කරලා ඊළඟ ඡන්දෙදී හොඳ පිළිතුරක් ලැබෙයි දැන් ඉන්න අලුත් පරම්පරාව ගොනාට අන්දන්න බෑ...
එහෙමනම් මෙච්චර කල් මහින්ද, ගෝඨා, බැසිලුත් එක්ක ශක්තිමත් ආර්ථිකය නොවේද කළේ? දැන් මේ ගමන මහබැංකු බැඳුම්කරත් එක්ක. පියාට කරන අගෞරවයක්...
මොනවයින්ද දන්නේ නෑ හදන්නේ කාඩ්බෝඩ් වලින්ද දන්නේ නෑ. රෙද්දේ යනකන් රනිල්ට මහා බැංකු හොරා කියලා බෙරිහන් දීපු මනුස්සයා නේද මේ රනිල්ගෙන් අගමැතිකම අරගන්නේ...? ඇත්තටම මේ මහත්තුරු රෙදි අඳින්නේ අපි අඳින නිසා වෙන්න ඕනේ...
අවුරුදු 74 ක් තිස්සේ කරන්න බැරිවුණු ශක්තිමත් ආර්ථිකය මේ කෙටිකාලයේ කරනවා කියලා බොරු කියන්න එපා. කටින් බතල හිටුවන්න එපා.
ඉස්සරත් ශක්තිමත්ව තමයි තිබුනෙ, එත් හම්බවෙන හම්බවෙන සතෙ හොරාකෑවනෙ?
හයෙන් පහක බලයකුත් තියාගෙන, විදේශ ඩොලර් සන්චිතත් තියාගෙන මෙයාල නොකරපු වැඩේ, රට බන්කොලොත් වෙලා විදේශ සන්චිත හින්දල දාල ලෝකෙ ලොකුම හින්ගන්න උනාම කරන්න පුලුවන්! නාකි මොලෙ කොලොප්පන් වෙලාදකොහෙද!
අම්ම පාාාාා.....
එතකොට ඔහේ රට බන්කොලොත් වෙනකල් අහවල් කජ්ජක්ද කොලේ?
අනේ ඔයගෙ කට...
මේ මනුස්සයා හරියට කථා කරන්නේ ඊයේ පාර්ලිමේන්තුවට අවා වගේ .අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ලැගලා බොරුවට කියනවා රට ගොඩ නගනවා කියලා .වෙලාවකට හිතෙනවා මේ මිනිස්සු කථා කරන්නේ කටින්ද නැත්නම් වෙන පැත්තකින්ද කියලා.මේ මිනිස්සුන්ව දකිද්දී පුදුම අප්පිරියාවක් දැනෙන්නේ
ඔහු තම ජීවිතයේ අසාර්ථක වූ දේ, ඔහු වයස අවුරුදු 73 දී ඉටු කිරීමට සැලසුම් කරයි. . මේ අය සෙල්ලම් කරන්නේ මතු පරපුරේ අනාගතය සමගයි.
මරුවිකලෙන් දොඩවනවා
මේක දැන් අවුරුදු 30-40 ක් ඔක කියනව යකො , දෙවියන්ගෙ හාල් කැවිලද?