
(නිමල කොඩිතුවක්කු)
ගාලුමෝදර පිටියේ සිටි අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තුම්මුල්ල එක්සත් ජාතින්ගේ කාර්යාලයට විශේෂ සංදේශයක් භාරදෙනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් මේ සඳහා එක්ව සිටියහ.
සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නැයි මෙම සංදේශය මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
ගාලු මෝදර පිටියේ සිටි අරගල කරුවන්ට පහර දිමට එරහිව කොළඹ එක්සත් ජාතින් කාර්යාලයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සංදේශයක් භාරදීමට පැමිණි අයුරු ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
UN හමුදාව ගේන්න.. දැන් මේ රට ඉවරයි. මේකේ බේරගන්න දෙයක් නෑ...
ආරක්ෂක අංශ ඇතුළුව පොහොට්ටුවත්, අනිත් පක්ෂත් පැමිණිලි කළොත් නේද හොඳ? පොකට් ගහපු හොරා දුවන්නෙත් හොරා හොරා කිය කියාලු...
මෙරට ඉතිහාසය පුරාම විදේශිකයන්ට මෙරට අත්පත් කරගැනීමට හැකි වූයේ රටෙහි ප්‍රශ්න කියාපාමින් විදේශිකයන්ගේ පිහිට පැතීමයි. ඇතුළත ගිනි පිටතට නොදෙන ලෙස විශාඛාවට ඇයගේ පියා දුන් ඔවදන රටක් ලෙස අනුගමනය කිරීමට දැන්වත් හුරු වෙමු!
සජබය හැමදාම කරෙ මෙවගෙ කේලම් කියකිය හිටපු එක. මල් මල් ඇදුමක් ඇඳගන්ට.