‘තමිල්නාඩුවෙන් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක්‘ ශ්‍රී ලංකාවට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක් ලබාදෙන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවේ පවසා තිබේ. 06 June 2022
බොරතෙල් මිල ඉහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(06) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 120 සීමාවට ළඟා විය.ඒ අනුව බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 120 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 119 ක් විය. 06 June 2022
‘හෙළ හවුලේ අවසන් වියතාණෝත් නික්ම යති‘ හෙළ හවුල නියෝජනය කරමින් ජීවතුන් අතර සිටි අවසන් පුරුක වූ මෙරට ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියකු වන සඳදස් කෝපරහේවා මහතා අභාවප්‍රාප්ත විය. 06 June 2022
මන්ත්‍රී ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ වෙනම දිනයක් විවිධ හේතු මත පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා ලබන මස 04 වැනි සඳුදා සම්පූර්ණ දිනය විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 06 June 2022
බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් කෝටි හැට නව දහස් පන් සියයක( බිලියන 695ක) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (7) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 06 June 2022
දින දෙකකදී ලිට්රෝ ගෑස් මෙට්‍රික්ටොන් 4500 ක් එයි ලිට්රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2000ක තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (6) පස්වරුවේ ළඟා වූ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු ’ලංකාදීප’යට පැවැසීය. 06 June 2022
සිංහ-කැන්ගරු සටනේ ආදායම ජනතා සුබසාධනයට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර හෙට (7) ආරම්භ වන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම වත්මන් ආර්ථික අර්බුදයෙන් විපතට පත් මහජනතාවගේ සුබසාධනය සඳහා යෙදවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය. 06 June 2022
ආහාර ප්රශ්නය ජය ගන්නා විදිය පරිපාලන ලේකම් කියයි රටට කොහෙන් හෝ ණයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි හෙයින් ආහාර අර්බුදයට මුහුණදීම සඳහා අද සිටම වගාවට යොමුවීම වැදගත් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා පැවසීය. 06 June 2022
පොලිස් ලොක්කනගෙ මාරු ගැන කොමිසමේ අවධානය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුවී ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. 06 June 2022
‘21 ගැන පොහොට්ටු මන්ත්‍රීවරු අගමැතිට කිව්ව දේ‘ රටේ ආර්ථික ප්‍රශ්නයට වැඩි ප්රමුඛත්වයක් දී විසදුම් සොයනවා වෙනුවට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට සිය අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වේ. 06 June 2022
දකුණ ඇතුළු පළාත් රැසකට තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 June 2022
කාබන් ඩයොක්සයිඩ් සියයට 50 කින් වැඩිවෙලා පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය අනතුරු අඟවයි. 06 June 2022
යුක්රේනයට මිසයිල දුන්නොත් බලාගෙනයි බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහා බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක් කළේය. 06 June 2022
‘‘අලුත් ආණ්ඩුවටත් ප්‍රශ්න විසඳන්න බැරි හැඩයි‘‘ ජනතාවගේ ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවෙනුත් විසඳුම් ලැබෙන පාටක් පෙනෙන්නට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. 05 June 2022
රුසියන් ගුවන් යානා ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවේ රුසියානු එයාරෝ ෆ්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවන බවත් සමාගම් දෙකක් අතර ඇති වූ පෞද්ගලික ගැටළුවක් බවත් රුසියා බලධාරීන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. 05 June 2022
මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ දෙකක් රිමාන්ඩ් නිට්ටඹුව නගරයේ දී ඇති වූ මහජන නොසන්සුන් තාවයන් අතරතුරදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා මේ මස 13 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා නියෝග කළේය. 05 June 2022
පොලිසියේ තෙල් කපයි උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට විස්සකින් මේ මස පළමුවන දින සිට අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට දන්වා තිබේ. 05 June 2022
රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න පෙර කියන්න පූර්ව දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් නොකරන්නැයි ජනාධිපති කාර්යාලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. 05 June 2022
තංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට තංගල්ල පොලිස් වසමේ මොරකැටියආර ප්‍රදේශයේදී අද (5) රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 05 June 2022
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට ඇමෙරිකාවේ පිලිඩෙල්පියා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් මියගිය ගණන තුනකි. 11 දෙනෙක් තුවාල ලැබූහ. 05 June 2022
ෂාරුක් ඇතුළු නළු නිළියන් රැසකට ’කොවිඩ්’ බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් ද ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසකට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 05 June 2022
විදේශ ගමන් බලපත්‍ර 2,7000ක් විනාශ කිරීමෙන් කෝටියක පාඩුවක් භාවිතයෙන් ඉවත් කෙරුණු වර්ග අටක ගමන් බලපත්‍ර විසි හත් දහස් පන් සිය තිස් නවයක් 2020 වර්ෂයේදී විනාශ කිරීමෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෝපා කමිටුව පවසයි. 05 June 2022
කුලි රථ රියැදුරා කාන්තාවක සුද්ද කරලා ත්‍රීරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් කාන්තාවක සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ අටක රන් භාණ්ඩ මුදල් ඇතුලු දේපල රැසක් කොල්ල කා පළා ගොස් ඇතැයි ගොඩගම පොලිසිය කියයි. 05 June 2022
ලාෆ් ගෑස් මිල ඉහළට ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ. 05 June 2022
කෝටි 4ක විදෙස් මුදල් රේගුවෙන් පන්නන්න බැරිවෙයි රුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද(05 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ . 05 June 2022
තැපැල් ගාස්තු සංශෝධනයට ඉල්ලීමක් තැපැල් ගාස්තු වහාම සංශෝධනය කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කර ඇත. 05 June 2022
පෞද්ගලික බස් හෙට සීට සීමා කරයි බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට(6) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. 05 June 2022
එනසාල් කඩන්න ගිය පස්දරු මව අතුරුදහන් කොලොන්න සූරියකන්ද හිමිදිරි පෙදෙසින් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුල් වූ පස් දරු මවක ඉකුත් (3) දින සිට අතුරුදහන් වී ඇතැයි සූරියකන්ද පොලිසිය කියයි. 05 June 2022
‘වගා නොකරන පෞද්ගලික ඉඩම් රජයට‘ වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගෙන වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 05 June 2022
‘ආණ්ඩුව ඇතුළේ තවම සර්ව සර්වපාක්ෂික එකඟතාවක් නෑ‘ ආණ්ඩුව තුළ සර්වපාක්ෂික එකඟතාවක් තවමත් ඇතිකරගෙන නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 05 June 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026