
(විමුක්ති එස් රුද්‍රිගු)
රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළහ.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සුබ පැතුම් වල පොදුවේ ඇතුළත් විය.
එසේම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් එම සුබ පැතුම් වල සටහන් විය.
නව රජය සහ සියලු පාර්ශ්ව සාමකාමී,ස්ථාවර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සාමකාමීව රැස්වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එසේම ව්‍යවස්ථානුකූලව පත් වූ නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමල සංවිධානයෙන් අගමැති කෙනෙකු අපිත් පත්කර ගමු..! මොකද සුද්දගෙ රටේ රැජිණිට පස්සේ අගමැතිකමට ඉන්ඳියානුවෙක් දිනලා...!
සුබපැතුම් ආවා වගේම වැඩේ හරියට අරන්න. දිනේෂ් නම් අගමැති තියා මොකටවත් හරියන්නේ නෑ සරත් ෆොන්සේකා මහත්තයට ආරක්ෂක ඇමතිකම දීල හර්ෂට මුදල් ඇමතිකම දෙන්න පුළුවන් නම් අන්න හොඳා අර සුබපැතුම් නෑ ජාතියන්තරේද මොකද්ද පළිගන්නේ නෑ කිව්වා එක්කෙනත් ගන්න පුළුවන් නම්.
සුබ පතල විතරක් වැඩක් නැහැ, එගොල්ලො යුද්කදෙකට පැටලෙන්න කලින් ඉක්මනට පාත්ත්රෙත් අරන් හම්බවෙන්න යන්න. නැතිනම් මේපාරත් උපාදි කොට් එකක් අන්දල විස්කි උගුරක් බීල නිකන් ඉදියි.
ඉන්දියාවෙන් මොකුත් කියල නැහැ නේද? පරිස්සමින් උතුරෙ මුර සන්චාරය කරන යුද නැව් වලට වහාම ඇතිතරම් තෙල් දෙන්න වෙනව.