(විමුක්ති එස් රුද්‍රිගු)
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ලට හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කණස්සල්ල පළ කළහ.
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය හේතුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කල අතර, බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ජුලී චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ගාලු මුවදොරින් ලැබෙන වාර්තා පිළිබඳ බ්‍රිතාන්‍ය දැඩි අවධානයෙන් සිටින බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කළාය.
සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳ බ්‍රිතාන්‍ය දරණ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඇය වැඩි දුරටත් පැවසුවාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගාලු මෝදර සිද්ධියට එතෙර කනස්සල්ලෙන්
sharm warn Friday, 22 July 2022 08:47 AM
කොල්ලන්ව මරන්න තමයි උත්සහ කරන්නෙ කියල අපි නම් දැනගෙන හිටිය.. රටෙ අනගතයැන හිතන්න මෙයාට අනාගතයක් තියෙන්න එපැයි..
චන්දන Friday, 22 July 2022 08:50 AM
ඔය බොරු . රනිල් මෛ් සෙල්ලම් සේරම දාන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උදව් ඇතිව .
Prabath Friday, 22 July 2022 08:59 AM
නුඹලාගේ වැඩක් බලාගන්න.
pakeer Friday, 22 July 2022 09:13 AM
UN හමුදා එවන්න. දැන් මේක ඉවරයි. ආයෙමත් වුණේ... මහින්දලාගේ රූකඩ පාලනයක්... සල්ලි බලෙන් සහ මැර බලෙන් ආපු එක විතරයි.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 July 2022 09:45 AM
සාමකාමී අරගල කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම වැදගත් දෙයක්.ඒත්, ඝෝථා හා මහින්දව අරගල කරුවන් ගෙදර යැව්වා.ඒත්, එන එන හැමෝවම එහෙම යවන්න බැහැ නේද ? රජයේ වැදගත් ස්ථාන බලෙන් අල්ලාගෙන මේ ආකාරයට පදිංචිවී සිටීම සාමකාමී දෙයක් ලෙස සලකන්න පුළුවන් ද ? මහින්ද ඝෝඨා ඉවත්කිරීම හා අරගලයේ කටයුතු සඳහා පසුපසින් සිට මුදල් වියදම් කළේ දෙමළ ඩයස්පෝරාව බව එහි ලංකාවේ නායකයා ප්‍රසිද්ධ නිවේදකයෙකු සමග කළ බැරෑරුම් සාකච්ඡාවක් යූටියුබ් එකේ තියෙනවා.මේ නායකයා පවසන්නේ සත්‍යදැයි අන්තරය,පෙරටුගාමීන් හා ජනතා විමුක්ති පෙරමුණේ අය රටේ ජනතාවට වහාම පැහැදිළි කළ යුතුයි.මේ අය ඒ ගැන නිහඬව සිටින්නේ ඇයිදැයි නොතේරේ.
කිරි පුතා Friday, 22 July 2022 09:55 AM
ගොඩක් දුක ඇති...
BT Friday, 22 July 2022 10:22 AM
ඔහොම කියයිද දන්නේ නැහැ.. ඒ අයගේ තානාපති කාර්යාලවලට පැනලා බින්න බැහැලා හිටියා නම්...!
ruwanFriday, 22 July 2022 10:43 AM
සහතික ඇත්ත... ගහලා පන්නන්න තිබ්බේ කළින්.. මොකද ඔය අයට හොප්ඩින් කිව්වට තේරෙන්න මොලයක් නැහැ...
jayasekara Friday, 22 July 2022 10:46 AM
පුදුම අමාරුවක් තියෙන්නේ... රටේ ප්‍රධාන මන්දිරවලට කරපු අලාභ හානි ගැන මොනවද දන්නේ නැහැ මේ ගොල්ලන්ට කියන්න තියෙන්නේ..?
gaming01 Friday, 22 July 2022 03:20 PM
ඕවා පොළවටම සමතලා කරලා දාන්න ඕනේ... අසාධාරණ දේපළ..!
BTSaturday, 23 July 2022 09:13 AM
ඔයාලා වගේ ගේම් ගගහා ඉන්න තොත්ත බබාලා දන්නේ නැතුවට, ඔය මන්දිර එකක්වත් 1948 නිදහස ලැබුණට පස්සේ මේ රට පාලනය කරපු අය හදපුවා නෙවේ. ජනාධිපති මන්දිරයයි, අරලියගහ මන්දිරයයි යටත් විජිත කාලයේ ඒ කියන්නේ ලන්දේසියි, ඉංග්‍රීසියි හදපු ගොඩනැගිලි. අගමැති ලේකම් කාර්යාලයට පාවිච්චි කරන මන්දිරය, නිදහස් ශ්‍රී ලංකාවේ හිටපු පොහොසත්ම පුද්ගලයා විදිහට ප්‍රසිද්ධ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතාගේ පුද්ගලික ගෙදර. එතුමා පරම්පරාවෙන් ලැබුණු මුදල්වලට අමතරව උපයපු මුදල්වලින් සමාජයට විශාල සේවයක් කරපු සිංහල බෞද්ධයෙක්. රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලය හදලා රටට තෑගි කිරීම එතුමා කරපු හුඟාක් සද්ක්‍රියාවලින් එකක් විතරයි. බැරිවෙලාවත් ඔයාගේ අම්මියි තාත්තියි ඔයාට ලංකා බැංකුවේ රන් කැකුළු ගිණුමක සල්ලි ටිකක් එහෙම ඉතුරු කරනවානම්, ඒකත් ඉතින් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා හින්දා තමයි. ඒ මොකද, ලංකා බැංකුව පටන් ගත්තේ එතුමාගේ සභාපතිත්වයෙන්. දැනට ඔය මදෑ ... දැන් ඉතින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගහන්න යන්න.
BTSaturday, 23 July 2022 07:14 PM
ගේම් ගගහ් ඉන්න ඔයා දන්නේ නැතුවට, ඔය මන්දිර එකක්වත් 1948 නිදහස ලැබුණාට පස්සේ මේ රට පාලනය කරපු අය හදපුවා නොවේ. ජනාධිපති මන්දිරයයි, අරලියගහ මන්දිරයයි යටත් විජිත කාලයේ හදපු ගොඩනැගිලි. අගමැති ලේකම් කාර්යාලයට පාවිච්චි කරන මන්දිරය, නිදහස් ශ්‍රී ලංකාවේ හිටපු පොහොසත්ම පුද්ගලයා විදිහට ප්‍රසිද්ධ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතාගේ ගෙදර. එතුමා පරම්පරාවෙන් ලැබුණු මුදල්වලට අමතරව උපයපු මුදල්වලින් සමාජයට විශාල සේවයක් කරපු සිංහල බෞද්ධයෙක්... රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලය හදලා රටට තෑගි කිරීම එතුමා කරපු හුඟාක් සද්ක්‍රියාවලින් එකක් විතරයි. බැරිවෙලාවත් ඔයාගේ අම්මියි තාත්තියි ඔයාට ලංකා බැංකුවේ රන් කැකුළු ගිණුමක සල්ලි ටිකක් එහෙම ඉතුරු කරනවා නම්, ඒකත් ඉතින් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා හින්දා තමයි. ඒ මොකද, ලංකා බැංකුව පටන් ගත්තේ එතුමාගේ සභාපතිත්වයෙන්. දැනට ඔය මදෑ... දැන් ඉතින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගහන්න යන්න.
ganegoda Friday, 22 July 2022 10:59 AM
ජාත්‍යන්තර වශයෙන් මේ ගොල්ලෝ අපකීර්තියට පත්වෙලා හුඟක් කල්.. ගෝඨාගේ පවුල් වාදයෙන් තමයි අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් හදාගෙන ජනාධිපති වෙලා ඉන්නේ.
SajeewaFriday, 22 July 2022 12:55 PM
රනිල් වික්‍රමසිංහ කියන්නේ රාජපක්ෂ සමාගමේ මැනේජර්. අයිතිකාරයට එන්ඩ බැරි නිසා මැනේජර් දාල වැඩේ දුවවනවා.
sujeewar Friday, 22 July 2022 11:20 AM
ඔවුන් තීරණ ගන්නේ ඔවුන්ට අවශ්‍ය දේ පෙන්වන පාර්ශවවලින් පමණි. ඔවුන්ට තොරතුරු දෙන්නේද රට වලපල්ලට යැවීමට බලාපොරොත්තු වන අය පමණි. එසේම රටේ අධි ආරක්ෂිත කලාප හා මර්මස්ථානවලට මහජනතාවට අත්තනෝමතික ලෙස ඇතුළුවන්නන්ට ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ව අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම කණ්ඩායම් වලට ඒ ඒ රටවල මර්මස්ථාන වලට ඇතුළු වීම සඳහා අවස්ථාවන් ලබාදෙන ලෙස ඒ රටවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු...
Gihan Friday, 22 July 2022 11:28 AM
එහෙනම් මේ සෙට් එක වීසා දීලා එහාට ගන්න ඕනෑ...
PM Friday, 22 July 2022 11:45 AM
බ්‍රිතාන්‍ය අගමැති කාර්‍යාලයට යන්න හදන පළමු "ඉන්දියන්" ජාතිකයා ගැන ඔය දෙන්නම යමක් කිව්වා නම්..!!
Asela Friday, 22 July 2022 03:06 PM
සද්ද නැතිව හිටිය බයියෝ ටික එලියට බැහැලා වගේ. බයියන්ගේ අමාරුව දැන් හොඳ ඇති. දැන් රනිල් හුරේ කියාපල්ලා. කවිද හිතුවේ රාජපක්ෂ ලාට රනිල්ට කතිරේ ගහන්න වෙයි කියලා. අරගලයේ අරමුණ ගෝඨාභය එලවා දැමීමයි.
Wijjesinghe Friday, 22 July 2022 10:35 PM
ණෙන්ඩෙටි ර්‍අනිල්ග බට්ලන්ඩ් වඩ්ක්තෙ අව. රනිල්ට් ච්න්යද දුන් හම් අකකුට්ම් හන 7 ක් ඝන්ව් . ඇය ස්පා ඡන්ඩ උන්ට් ණැණෑ.
Bamunuarachchi Saturday, 23 July 2022 07:50 AM
මේ මොන ගොබ්බ රැලක්ද?. අරගල කරුවන් රටේ කරපු ගිනිතැබීම්, මංකොල්ල කෑම් ජනතාවට කරපු හිංසන ඒවා ගැන එතෙර උන්දැලාට දැඩි අවධානයක් නැද්ද? ඒවා ගැන රජයට දැඩි අවධානයක් තිබෙන නිසාත් ජනතාවගේ එදිනෙදා කටයුතු පහසු කිරීම් සඳහා තමයි ඔය එලවා දැමීම සිදුකළේ. එලවන විට නොගිය නිසයි පහර දීම සිදුවුනේ. කැරලි මර්ධන ඒකකයට උපදෙස් දුන්නේ කැරලිකරුවන් එළවා දමන්න. අවනත නොවන කැරැලි කරුවන් එළවා දැමීමේ උපක්‍රම කැරලි මර්දන ඒකකයට අයත්. ඒ නිසා ඔහෙලා ඕනේ මගුලක් එතෙර කරගන්න.