(පොලොන්නරුව ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරී කරමින් සිටි වෛද්‍යවරයෙකුට අද (21)පස්වරුවේ බීමත් පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
මෙම පහරදීම සිදුකර ඇත්තේ වෛද්‍යවරාගේ නිල කාමරය තුළදී බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත්කර ඇත.
වෛද්‍යවරයාට පහරදුන් බව කියන පුද්ගලයා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ. අධික ලෙස බීමත්ව සිටි සැකකරු රෝහලට පැමිණ ඇත්තේ දරුවකුට ප්‍රතිකාර ගැනීම සඳහා බව පොලීසියට ප්‍රකාශකර තිබේ.
රාජකාරියේ නිරත වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හේතුවෙන් අද පස්වරුවේ සිට ජයන්තිපුර රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය සිය රාජකාරීවලින් ඉවත්ව ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.එස්.කුමාරවංශ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් රෝහලේ නේවාසිකව සිටි රෝගීන් සියලුම දෙනා වෙනත් රෝහල් වලට මාරුකරයවා රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව කීය.
මෙම රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු දැනට සේවය කරන බවද එම වෛද්‍යවරුන් සියලුම දෙනා තවදුරටත් එම රෝහලේ රාජකාරි කිරීමට බියක් දක්වන බවත් ඔවුන් වෙනත් රෝහල්වලට ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරට ගහපු එකාව අල්ලල සිරගත කරන්න ඔනි. හැබැයි දොස්තරල සහ අනිත් අයට මෙහෙම හොස්පිටල් වහන්න දෙන්නත් බැහැ. එහෙම කරන්නෙ කොහොමද?
‘මේක විහිළුවක්... "මෙම රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු දැනට සේවය කරන බවද එම වෛද්‍යවරුන් සියලුම දෙනා තවදුරටත් එම රෝහලේ රාජකාරි කිරීමට බියක් දක්වන බවත් ඔවුන් වෙනත් රෝහල්වලට ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවැසීය". කියන එක...