(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (21) දැනුම් දුන්නේය.
තමා මෙරට ජනාධිපති ධූරය බාර ගෙන ඇති හෙයින් සිය මන්ත්‍රී ධුරයෙන් අස් වන බව දැනුම්දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා තමාට ලිපියක් එවා ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසූවේය.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම පුරප්පාඩුව දැනුම් දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64( 5) වගන්තිය ප්‍රකාරවය.
එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂය විසින් පත් කෙරෙන පුද්ගලයා පිළිබඳ නාම යෝජනාව මැතිවරණ කොමිෂන් සභාවට අද හෙටම ඉදිරිපත් කරෙනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්,බුද්දිමත් ,සුදුස්සෙක් පත් වෙනවානම් තමා හොන්ද .
එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වයට ගරුකරමින් පක්ෂය ආරක්ෂා කරමින් ක්‍රියාකළ දුෂණ චෝදනා නොමැති රුවන් විජේවර්දන මහතා හෝ ඔහු මේ අවස්ථවේ ඉදිරිපත් නොවන්නේනම් පක්ෂය සක්තිමත් කරමින් ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් ( සෑම පක්ෂයකම ) පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව සිටින තරුණ සියලු ජනකොටස් සමග සමීපව කටයුතු කළහැකි අවස්ත්වාදී ලෙස පක්ෂ මාරු නොකරන කෙනෙකු පත් කිරීම සුදුසු වේ.
එතකොට ධම්මිකගේ පුරප්පාඩුවට එන්නේ බැසිල්ද ? නූල් සුස්තරේ හොඳින්ම ක්‍රියාත්මක වෙන පාටයි.
සා ගල හොඳයි .