(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මුහුණදී සිටි ටයර් සහ බැටරි හිඟය අවසන් වීම නිසා ලබන සඳුදා සිට උපරිම ධාරිතාවෙන් බස් ධාවයන ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.
ලංගම මුහුණ දී සිටි ටයර් සහ බැටරි හිඟය හේතුවෙන් බස් රථ 5,000 න් බස් රථ 2000 ක් පමණ ධාවනය කිරීමට නොහැකිව තිබූ බවත් ඒ අනුව දුරගමන් සේවා සියයට 80 ක් පමණ අත්හිටුවීමට සිදුව තිබූ බවත් එම නිලධාරියා කීය.
ටයර් සහ බැටරි මිලදීගැනීමේ ප්‍රසංපාදන ක්‍රියාවලියේ ගැටලුවක් හේතුවෙන් මිලදී ගැනීම ප්‍රමාද වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකන් එක වහලා දාලා ඒකට භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව යන මුදල් ලංගමට දුන්නා නම් අවුරුදු 2-3 අපේ ප්රවාහන ප්රශ්න විසඳෙනවා. 2008 වසරේ සිට ශ්රී ලංකන් ලබාපු පාඩුව රුපියල් කෝටි 32000 කි..