(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ දී උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව ජනාධිපතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
මෙරට 8 වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවක දී බවත්, පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදීව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිවරයා අමතක නොකරණු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
මේ මහා ජනතා බලවේගයේ යහපත් අපේක්ෂාව වූයේ පාලකයා තමන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා වෙනුවට ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන, නීතියේ ආධිපත්‍ය, අවංක බව, යහපාලනය රජයන, පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම බවත්, එය ඉතාමත් අසීරු කර්තව්‍යයක් බවත් ඇය සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා තිබේ.
සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම්, දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතු යැයි තමන් විශ්වාස කරන බවත්, ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන සහ පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු බවත් පවසා ඇති හිටපු ජනාධිපතිනිය දේශයේ සුබ සිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සුභාශිංසන පිරිනමන බව ද සඳහන් කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අලුත් ජනපතිට හිටපු ජනපතිනිගෙන් සුභ පැතුම්
sisil Thursday, 21 July 2022 05:54 PM
මෙරට 8 වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවක දී බව සත්‍යකි, පෙර පැවති දුර්දාන්ත අවස්ථාවාදී දේශපාලන ක්‍රියාකාරකම් නොමැතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය පාලනය කරගෙන යාමට අවස්ථව ලබදුන්නේනම් මෙවැනි වාතාවරණයක් ලංකාවට අත් නොවන්නට තිබිණි
මරිසිපාල Thursday, 21 July 2022 07:19 PM
දැන්ද තේරුනේ 2004 පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියේ නම් මේ වනවිටත් මේ රට දියුණු වෙලා.දැනට රට පත්ව තියෙන තත්වයට ඔබතුමියත් වග කරන්න ඕන කොහොම හරි දැන්වත් තේරුම් ගැනීමට හැකිවීම සතුටට කරුණක් වෙනවා
SamanFriday, 22 July 2022 05:16 AM
එහෙම කලෙ නැත්නම් එක්කො අද රටවල් දෙකක් එහෙම නැත්නම් තාම යුද්ධ. මෙහෙමත් මෝඩයො.
chandima Thursday, 21 July 2022 09:57 PM
සුබපතන්න ඔන නෙන්නම්, ලගදිම විස්කි බ්‍රැන්ඩි වලට බදු අඩුකරනවලු.
de silva Friday, 22 July 2022 07:26 AM
මේ නාකි හොර දේශපාලන නඩයම විනාශ වෙන්න ඕනේ මේ රට හැදෙන්න නම්..!