(අංජුල මහික වීරරත්න)
තමා රාජපක්ෂවරුන්ගේ මිතුරකු නොව ජනතාවගේ මිතුරකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මා හැමදාම රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාකළ අයකු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කටයුතු කිරීමෙන් අනතුරුව පිටතට පැමිණෙන දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අප රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
රාජපක්ෂවරුන් සමග වැඩ කළා කියා ඔවුන් තමාගේ මිතුරකු නොවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම හිතන් ඉන්නේ රටේ මිනිස්සු කොන්ඩේ බැඳපු චීන්නු කියලා.
නුසුදුස්සන් පත් කිරීමෙන් ඔබ අදක්ශතාවය තහවුරු කර ගත්තෙකි. ජනතාවගේ පැත්තේ බව පෙන්වීමට දැන් වාරයයි.
හය වතාවක් අගමැති පදවියට පත්-- තුන් වතාවක් ජනාධිපති පදවිය පත්-- ලොව එකම දේශපාලනඥ බල පත්-- රනිල් වික්‍රමසිංහ ගරු අබිමනට පත්--
සැබැවින්ම පුද්ගලික මිතුරැකම් පැවැත්වීම වරදක් නොවේ. එය එසේ විය යුතුය. නමුත් රාජ්‍ය පාලනයට ඒ ඈඳා ගැනීමයි නොකළ යුත්තේ.
පහුගිය මැතිවරණයේදී අපි ඒක හොඳට දැක්කා
එතකොට කවුදෝ කෙනෙක් සිකුරාදා ආපහු ලංකාවට ගෙන්වා ගන්නේ යාළුකම නිසා නෙවේද ?
හැමදාම රාජපක්ෂලාට එරෙහිවූ නිසාද ඔවුන් ඔයාව අද අගමැති කරලා සහ ජනාධිපතිත් කරලා තියන්නේ?
ඔබ රාජපක්ෂලාගේ යටහත් සේවකයෙකි.
හරි .. ඒනම් ඔප්පු කරල පෙන්නන්නකො . රටට යුතුකමක් කරන්න තියන අන්නිම අවස්ථාවනෙ
එ නිසා තමයි පාර්ලිමෙන්තුවෙ ඉදගන්නතරම්වත් ජන්ද ලබුනෙ නැත්තෙ.
චන්ද ලැබුනෙ නැත්තෙ එදා ජනතාව ගොන් හරක් වගේ වටිනා චන්දය අපතයන් රැලකට පූජා කළ නිසයි. පෝලිං වල විරිවිට්ටන් ගහගෙන ඉන්නවෙලා තියෙන්නෙ ඒ නිසා බවවත් වටහා ගැනීමට තරම් වත් බුද්ධියක් නැහැ. ගිය දේ ගියා. දෙවියන් දීල තිබෙන දේට දැන්වත් අකුල් නොහෙලන්න වගබලාගන්න.
ඇත්ත. එවැනි දෙයක් ප්‍රසිද්ධියේ කියන්න බැහැනේ. රාජපක්ෂවරුන් අතර තියෙන සම්බන්ධය ඇත්තේ අප්රසිද්ධියේ. ජනාධිපති තනතුරටත් අගමැති තනතුරටත් තෝරා ගත්තේ රාජපක්ෂවරුන්ගේ උවමනාව මතයි.
අර නන්දසේන කළා වගේ ගම සමග පිළිසඳරක යෙදෙන්න ඔබට කාලය හරි...!
මෙ රටෙ ඉන්න ් මාද්යවෙදියන්ට ප්‍රශ්න අහන්න කොන්දක් නැති කම ගැන අපි හැමදාමත් කතා කලා.. ස්කයි නිව්ස් මාද්යවෙදියගෙන් වත් කතා කරන්න ඉගෙන්න ගන්න.. මෙ නාකි සමයම හිතන් ඉන්නෙ මෙ රටෙ මාද්‍යවේදීන් වගේ තමයි විදේක කට්ටියත් කියල.. රාජපක්සව බෙරන්න ආව කියල කවුද නොඩන්නෙ. . තවත් ලජ්ජ නැතුව බොරු බයිල කියනව.. මහ ලොකු ජනාදිපති..
ඒක තමයි මහ පාන්දර රටටම හොරෙන් ගිහින් යාලුකම් පෙන්නලා නිරායුධ අරගලකරුවන්ට ගුටිබැට දීලා කුදලාගෙන ගියේ... මිතුරුකම් පිරිලා ඉතිරිලා දෝරෙගලා ගියදවසක්ද කොහේද?