(නිමල් ජයරත්න)
වනජීවීයට සහ ආරක්ෂක අංශවලට ඉන්ධන ලබාදීම සීමා කිරීම්ත් සමඟ පොලොන්නරුවේ විවිධ ජාවාරම්කරුවෝ වනෝද්‍යයාන සහ රක්ෂිතවලට වනසති.
පොලොන්නරුව සෝමාවතිය, මාදුරුඔය, ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය, ත්‍රිකෝණමඩුව, වස්ගමුව ඇතුළු ජාතික වනෝද්‍යාන තුළ මේ වන විට දැව ජාවාරම්කරුවන් විශාල ගස් ඉරා දැඩි පරිසර හානි සිදුකර ඇත. එහි සත්ව දඩයම් කිරීම්ද වැඩි වී ඇති බවත්, ඒවා වැටලීම් සිදු කිරීමට යෑමට තමන්ට ප්‍රමාණවත් ඉන්ධන පහසුකම් නොමැති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
වනජීවී නිලධාරි කාර්යාලයකට සතියකට ඩීසල් ලීටර් 350 ක් ඉල්ලා සිටියද දැනට ලැබෙන්නේ ඩීසල් ලීටර් 250ක් බවත්, එයද මෙවැනි විට අඩු කර ඇති බව වනජීවි කාර්යාලවල රියදුරෝ සඳහන් කරති.
දැව ජාවාරම්කරුවන්, දඩයම්කරුවන්, නිදන්හොරුන්, පස් හා වැලි ජාවාරම්කරුවන් තම ජාවාරම් මේ දිනවල ජයටම සිදුකරන බවත්, ඒ පිළිබඳ පැමිණිලි ලැබුණද තමන්ට එම වැටලීම සඳහා යාමට ප්‍රමාණවත් ඩීසල් නොමැති බවද පොලොන්න්රුව දිස්ත්‍රික්කයේ වනජීවීන් නිලධාරීහු සඳහන් කරති.
මේ වෙනවිට ජාවාරම්කරුවන් වැලිකන්ද, වඩමුනේ, 503 කලාපයේ, මාදුරුඔය, ප්‍රදේශ ඇතුළු අනෙකුත් අවට ප්‍රදේශවල ගංගා ඉවුරු වනසමින් වැලි ජාවාරම්ද ජයටම කරමින් කුඹුක් ගස් වැනසීමේ ජාවාරම්ද සිදු කරන බව වාර්තා වෙයි.
තමන්ට ප්‍රමාණවත් ඉන්ධන නොමැති කම නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ වනෝද්‍යානවල මෙන්ම රක්ෂිතවල සිටින සතුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවද වනජීවී නිලධාරීහු සඳහන් කරති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්ධන හිඟය නිසා කැලෑ පාළුවන්ගෙන් මල්ල කරේ
Appuhami Friday, 22 July 2022 09:49 AM
ජෝකර්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.