(යොහාන් භාසුර)
ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදීමේ ක්‍රමයවේදය හමුවේ ලියාපදිංචි අංකයක් නොමැති පෙට්‍රල්වලින් ධාවනය කරන යතුරුපැදි හිමිකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ලියාපදිංචි නොකළ යතුරුපැදි හිමිකරුවන් ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල්වලට ගිය ද ඔවුන්ව හරහා යවා ඇති බවත් ඒ සඳහා බලධාරීන් විසඳුමක් දිය යුතු බවත් ජනතාව පවසති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මෙම ගැටලුව පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එන්ජින් ධාරිතාව කුමක් වුවත් සියලුම යතුරුපැදි ලියාපදිංචි කළ යුතු බවත් එම යතුරුපැදි ලියාපදිංචි කරන ලෙස මීට පෙර දැනුම් දී ඇති බවත්ය.
එන්ජින් ධාරිතාව 49 සහ 79 යන අඩු මට්ටමේ යතුරුපැදි බොහෝමයක් ලියාපදිංචි කිරීමෙන් තොරව ධාවනයේ යොදවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd