
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එසේ ඉහළ යන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මධ්‍යස්ථ මට්ටමකට එනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.
චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය
බලශක්ති නිෂ්පාදනවල මිල ගණන් වෙනස්වීම මත පදනම්ව ඉදිරි මාස දෙක සඳහා උද්ධමනය ගණනය කළ බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් ලබා ගැනීම සඳහා සුදුසුකම් තිබෙන බවත් එය මාස 3 ක කාලයකදී කොටස් වශයෙන් ලැබෙනු ඇති බවත් සී.එන්.බී.සී නාලිකාවේ ස්ට්‍රීට් සයින්ස් වැඩසටහනට සහභාගී වෙමින් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
විස්තීරණ අරමුදල් පහසුකම යනු ගෙවුම් ශේෂ හිඟය ඇති රටවලට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කර ඇති පහසුකමකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබා දීම ආරම්භ කළ පසු ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන මුදලට අමතරව තවත් ඩොලර් බිලියන 4 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ඔබ්බට යාමට බලධාරීන් මෙය අවස්ථාවක් කරගත යුතු බව වීරසිංහ මහතා පැවසුවේය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලික හේතුව දශක ගනනාවක මූල්‍ය අවභාවිතය බව ඔහු පැවසීය.
නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හැකි වෙතැයි වීරසිංහ මහතා සුභවාදීව සිතන බව සී.එන්.බී.සී නාලිකාව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අද මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින්නේ.. මෙවැනි ආධාර උපකාර, ණය සහ නොමිලේ ලැබෙන ඕනෑම දෙයක් හිසමුදුනේ තබා පිළිගැනීම නිසයි. මේ සියල්ලම තාවකාලික විසඳුම් වන අතර මෙහි ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ දශක කිහිපයකින් පසුව අනාගත පරපුරට සහ එදිනට බිහිවන රටේ නායකයින්ටයි. මෙසේ නොමිලේ ලැබෙන ආධාර සහ ගෙවා ගැනීමට නොහැකි ණය ලබාගැනීම තුළින් ජනතාව කම්මැලි වනඅතර එහි ප්‍රතිඵලය වන්නේ තව තවත් රුපියල් හම්බ කරන ඩොලර්ස් වලින් යැපෙන මිනිස්සුන් බිහිවීමයි. කළ යුත්තේ අපේ රටේ මිනිසුන්ගේ ඩොලර්ස් මතින් යැපෙන මේ ජීවන රටාව වෙනස් කිරීමට හැකි විධිමත් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමයි...
දැන් ඔය ලැබෙන මුදලින් හොරාකන්න කීයක් බලාගෙන ඉන්නවද? කියලත් ගණනය කළොත් නරකද?
අනේ සර් ඔයා කලින් ආවා නම්..? කොහෙද මේ ලොක්කන්ට ලොකු වුනේ මහේන්ද්‍රන්ලා කබ්රාල්ලනේ...!
හරියට අයි.එම්.එෆ් එකේ මුදල ලැබුණා වගේ කතාව...
ලංකාවේ බදු ආදායමෙන් 86% වෙන්කරන්න වෙන්නේ රාජ්‍ය සේවක වැටුප්වලට... මේ තත්වය නවත්තන්නේ නැතිව කොච්චර ණය ලැබුණත් හැමදාම ලංකාවට මේ තත්වෙන් ගොඩ එන්න බෑ . 1) මේ අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කරන්න ඕනේ 2) විශ්‍රාම වැටුප් හැමෝටම සමාන අගයකට ගෙන්න ඕනේ... 3) පෙට්‍රෝලියම්, CEB වගේ ආයතන වල තියෙන අධික වැටුප් අඩු කරන්න ඕනේ...
රනිල් කියන්නේ ලොව පිළිගත් දක්‍ෂ කපිතාන්වරයෙකි.. රළු මුහුද ඔහුට හුරුයි..! සජිත් හෝ වෙන කවුරුහරි ආවා නම් වැලේ වැල් නැත..! ඒක හරියට මුහුද මැද යන නැවක නැව යාත්‍රාකරන්නේ කුමන දිසාවටදවත් නොබලන නැව් කපිතාන්වරයා එන්ජිම් රූම් එකේ ඉඳන් වෙනදේ වෙනකම් බලාගෙන ඉන්න තත්වයට වට්ටන කෙනෙකි!
හය වතාවක් අගමැතිවරයා වශයෙන් මූල්‍ය අවභාවිතයට වර්තමාන ජනාධිපතිවරයාද වගකිව යුතුයි. එසේ වගකිවයුතු පුද්ගලයෙක් නැවත සුභවාදිව ප්‍රතිසංස්කරණය කරාවි කියලා මහබැංකු අධිපතිවරයා විශ්වාස කළත් ජනතාව විශ්වාස කරන්නේ නැත. මනා කළමණාකරණයක් කරන්නේ නම් අතීතයේ මුදල් අවභාවිතයන් කළ සැමට දඩුවම් ලබා දිය යුතුයි. තමන් හිරේ යන්නත්, තම මිත්‍රයා සහ රාජපක්ෂලා හිරේ යවන්නත් වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නැත.
ණයට කන්ඩ බලාගන ඉඩකො හම්බවෙයි.
නන්දලාල් රෙගුලාසි මගින් ඩොලර් මිල කෘතිමව පවත්වාගෙන යනු ලබනවා. එම ස්ථාවර අනුපාතය පවත්වා ගැනීමට ඔහු මහ බැංකුවෙන් ඩොලර් නිකුත් කරන්නෙත් නෑ. මෙයින් වෙන්නේ අපනයනකරුවන් රට තුළට දැනට ඩොලර් එවන එක අඩු වෙලා තියෙන්නේ... මීට අමතරව විදේශ රටවල්වල ඉහළ වැටුප් ගන්නා උසස් රැකියා කරන පුද්ගලයින් ලංකාවට ඩොලර් එවන්නේ නෑ. හේතුව තමයි ඔවුන්ට සාධාරණ විනිමය අනුපාතයක් ලැබෙන්න ඇති හින්දා. නන්දලාල් කරන්නේ අහිංසක මැදපෙරදිග සහ අනෙකුත් රටවල්වල වැඩ කරන සමාන්‍ය ශ්‍රමිකයින්ගේ විදේශ මුදල් කොල්ලකෑමක්. උද්ධමනය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. බඩුමිල ඉතාමත් ඉහළයි. නමුත් විනිමය අනුපාතය මාස පහකින් විතර වෙනස් වීමක් නෑ.
අනික්වා කෙසේවෙතත් චීන ණය උගුල බොරු කියන එක පළිගත හැකිද? චීන ණය ගැන රට වටේ ඉදිකර ඇති මහාපරිමාණ නාස්තිකාර ඉදිකිරීම් වැනි දෑ කරනට, IMF හෝ JAIKA වැනි ආයතන කෙසේවත් ණය ලබා දෙන්නේ නැත.
හැම වෙලාවෙම CPC එකෙයි CEB එකෙයි වැටුප් කථා නොකර පුද්ගලික බස් අයිති කරුවකුගේ, නැත්නම් සිල්ලර කඩයක දිනක ආදායම් එහෙමත් දාන්න. රු. 13400/= ඩීසල් ගහපු බස් එකක් 200 km විතර ධාවනය කරලා දවසකට 65000- 70000 විතර හොයනවා. ඒක හින්දා ඔය පරණ බෙරේ හැමතිස්සෙම ගහන්න එපා. ඔය කිසි කෙනෙකුගේ වැටුප් $ එකත් එක්ක වැඩි වුනේ නෑ. බඩුමිල විතරයි වැඩි වුණේ.
ඔබතුමා කොහොම කිව්වත් කතාව ඇත්ත. චීනය අපට ණය දෙන්නේ ආදරේට නෙවෙයි. රනිල් බලන්නේත් රටේ කෑලි විකුණන්න. අපි එක එකාගෙන් හිඟාකන්නේ ඇයි. ඇයි අපේ තේ, පොල්, රබර් පිටරටට යවන්න බැරිද? රටේ තියෙන කර්මාන්ත නැවත නගාසිටුවන්න. විදේශ රැකියා අවස්ථා ලබාගන්න. විදේශ රැකියා සඳහා යන අයට පහසුකම් සලස්වන්න. ඒ අය දිරිමත් කරන්න. මම දැක්ක ටූත් පික් පවා ලංකාවට චීනෙන් ගේනවා. ලැජ්ජයි