
(ප්‍රේමතිලක පෙරමුණ)
මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතර තුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65 පමණ වියැති පුද්ගලයකු බව පොලිසිය පවසයි
කෑන්වලට ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පෝලිමේ සිටියදී අධික තදබදය නිසා තෙරපීමට ලක්ව සිහිසුන්ව බිම වැටුණවිට එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් මෝටර් රථයකින් මීගහතැන්න රෝහලට රැගෙන යන ලදී
එහිදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි මෙම ඉන්ධන පිරවුම්හලේ ,ඉන්ධන නිකුත් කිරීමේදී රජය විසින් නියම කර ඇති ක්‍රමවේදය ක්‍රියාත්මක නොවුණු අතර , මෙයට පෙරද නිරතුරුවම බොහෝ අක්‍රමිකතා සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති
ඉකුත් දින දෙක තුළ පැලවත්ත ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නිර්දේශිත ක්‍රමවේදයට අනුගත නොවීම නිසා සහ කෑන්වලට ඉන්ධන ලබා දීම නිසා පෝලිමේ සිටම බොහෝ පිරිසකට ඉන්ධන අහිමි වී අපහසුතාවයට පත්ව සිටියහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් කරලා පැත්තකට වෙලා ඉන්න හැතිකරේට සාප වේවා... මේ අහිංසක මිනිස්සු මැරෙනවා.