(ඩයනා උදයංගනී)
අරගලකරුවන්ගේ පිහිටෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහ මහතා එම අරගලකරුවන්ටම පහරදී තමන්ට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම එක්දිනකින්ම අහිමි කරගත් බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට හැකිවූයේ අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් බවත් එම අරගලකරුවන්ට එල්ල කරවූ හමුදා හා පොලිස් ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් රණවක මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රහාරය නිසා ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් නායකයකු ලෙස වසර 45 ක ඉතිහාසයේ තමාටතිබූ පිළිගැනීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිටි සියලු ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් ද අහිමි කරගත් බව මන්ත්‍රීවරයා කීවේය.
මේ සිදුවීම සහ රාජපක්ෂ පවුලේ ඒ මැරවරයින් මැයි 6 වැනිදා එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැතැයි ද හෙතෙම කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයත් නිකන් වංගු නොගහා ඉන්න.ඔයත් ස්වාධීන වුනේ හැමදාම වගේ කෙට් පාරකින් ගේම ගහන්න.දැන් ඉතින් පෙරලුන පිට හොදා තමා.
සජිත්ට ගහනකොට “no comments” රට දියුණු කිරිමට සහයෝගය ලබාදෙන්න JVP කඩේ යන්නේ නැතුව
දැන් ඔබ කියන්නේ අරගලකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය දීලා ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්න වෙන ගොඩනැගිල්ලක් කුළියට ගන්න කියලද? ඔබ ජනාධිපති වුණා නම් මොකද කරන්නේ? ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට සමාජ වාදයක් හදන්න කියලා කිව්වේ නෑ...!
ඔයාට තිබුණු පිළිගැනීම මොකක්ද කියන්නකෝ... දත් මදින ගමන් වැනෙන දිවත් මදින්න අමතක කරන්න එපා... !
අපි Gota ගෙන් බලාපොරොත්තු උනෙත් මේ JVP, පෙරටුගාමී, අන්තරේ අයිති සියලුම සංවිධාන, සංඝ සංවිධාන නැති කරන්න. මේ අය නිර්පාක්ෂික නොවේ. මේ අය රටට සුව කල නොහැකි පිළිකාවක්, වෛරසයක්. අද දෙමළ ලමයි විභාග කරනවා, අපේ සිංහල, මහපොළ ශිෂ්‍යත්ව සල්ලි වලින් ගෝලෆේස් එකේ ඉන්න ව.
නෑ නෑ පාඨලි, රනිල්ට ඔයා කියන ජතියෙ පිලිගනිමක් කෙහොත්ම තිබුනෙ නැහැ. ඒව මෙ රටෙ ඉන්න ගොන් හරක් හිත හදා ගෙන ගොතපු කතා. ඒක හරියටම අර ප්‍රභාකරන් හරිම දරුනු ත්‍රස්තවාදියෙක් කියල යවපු ප්‍රචාරය ම තමයි..ජත්යන්තරය දැක්ක මෙ මිනිහ චන්ද වලින් පැරදෙන හැටි, තියෙන ආන්ඩු වලින් පන්නල දාපු හටි, මෙලො රහක් නති උද්දච්ච තීරන අරන් පක්ශය ඇතුලෙම කොන් වෙච්ච හැටි. . ඒව මෙ රටෙ ඉන්න හිගන හරකුන්ට නොතේරුනාට විදේශිකයො පැහැදිලිව දකිනව.. එකනෙ අර ස්කයි නිව්ස් එකේ මාද්‍යෙව්දිය කෙලින් අහුවෙ..
අනේ මේ ඔයාට හොර ගමන් යනවිට අහිංසක කොල්ලෙක් අබ්බගාත කරලා අහක බලාගෙන තියෙන්නෙත් පිළිගැනීමක්ද?
රනිල් මේවා කරන්නේ බටහිර රටවල් වල අනුග්‍රහයෙන් . එයාල කැමති නැහැ වාමාංශික දේශපාලනයේ නැගිටීම ට.
සිවුරේ එල්ලිලා ජනාධිපති වෙන්න හීන දකින්නා.
අගමැති සිහින දකිමින් එන ජනාධිපතිගේ කකුලෙන් අදින අය තමයි මේ...!
මෙයාගේ ඊළඟ නැවතුම ලපයාගේ ඔඩොක්කුව...
ඒකෙවත් තාම කිසි දෙයකින් ලැජ්ජා වී නැත. තමන්ගේ ගොඩ වැඩිකිරීමට තමතමුන් ඉල්ලා සිටිති.. ඔවුන් තම තම මතයට අනුන්ගේ බ්‍රේන් වොෂ් කරමින් සිටී.
මේ SHARM WARN කියන එළොවටත් නැති, මෙලොවටත් නැති කෙනෙක්... පාඩමක් උගන්නන්න ඕනෑ ඉස්සෙල්ලාම. ප්‍රභාකරන් සුද්දවන්තයෙක් කරන්න හදන කෙනෙක් මේ..
මොන බොරු කතාද? අල්ලපු රටේ ගහන හැටි අපි දැකලා තියෙනවා ටීවී නාලිකාවලින්...!
විදේශ රවවල් කීයකින් සුභ පතල තිබුනා ද?
අවශ්‍ය වෙලාවට බලය පවිච්ච්කල යුතුයි . රජයේ දේපල ආරක්ෂා කිරීම පාලකයා ගේ වගකීමක් .
තිබුණේ මොන පිළිගැනීමද?
රටවල් කීයකින් සුභ පැතුම් එවුවා ද ..??
මම හිතාගෙන හිටියේ ඔබතුමා උගතෙක් කියලා.. බැලුවම එහෙම පේන්නේ නැහැ. මෙහෙම හිතන්න ගෝඨාභය ඔබතුමා අගමැති කළා කියලා හිතන්න ඔබතුමා ජනාධිපති වුණා කියලා හිතන්න.. නමුත් මේ පිරිස් කවදාවත්ම ඔවුන්ට ලැබෙන වාසිය ඉවතලා ඔතැනින් යන්නේ නැහැ.. මේක වෙනත් මගඩියක් කියලා හිතෙනවා පොඩ්ඩක් පැත්තකට ගිහින් කල්පනා කරලා බලන්න නැත්නම් පක්ෂග්‍ර්‍රාහී නොවන මොළයක් ඇති හිතවත් අයගෙන් අහලා බලන්න ඔබේ අදහස හරියිද කියලා... !