ඉන්ධන බවුසරය පාර හරහා පෙරළෙයි සපුගස්කන්දේ සිට කොටගල ඛනිජතෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් ගිනිගත්හේන නගරයට ඉහළින් වු ඇගළුම් කර්මාන්ත ශාලාව අසල දී මාර්ගය හරහා පෙරළීමෙන් එහි ඉන්ධන කාන්දුවක් වන බව පොලිසිය කියයි. 13 December 2021
ජාතික කණ්ඩායමේ ‘පුහුණු උපදේශක’ තනතුර මහේලට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 13 December 2021
මහ බැංකුවෙන් ජනතාවට දැනුම් දීමක් කිසියම් පුද්ගලයකු සතුව ඇමෙරිකා ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් තිබේ නම් ඒවාට ඩොලරයකට රුපියල් 210 බැඟින් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා මහබැංකුව සඳහන් කරයි. 13 December 2021
බන්ධනාගාර පුහුණු උපදේශක විහින් අමාරුවේ වැටේ දුම්කොළ පාර්සලයක් පාවාහනක් තුළ සඟවා ගාල්ල බන්ධනාගාරට රැගෙන ඒමට උත්සහ කළ පුහුණු උපදේශවරයකු අද අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 13 December 2021
බූස්ටර් ගන්න විහාර මහාදේවී උද්‍යානයට එන්න කොවිඩ් මර්දන පළමු මාත්‍රා දෙක ලබාගත් වයස අවුරුදු 30ට වැඩි අයට බූස්ටර් මාත්‍රාව ලබාදීම දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක දී ඉකුත් 10 වැනිදා සිට ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ද බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරේ. 13 December 2021
සාකච්ඡා අසාර්ථක වීමෙන් තැපැල් වර්ජනය ඇරඹේ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (13) පස්වරු 4.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි. 13 December 2021
වයස 12- 15 අතර දරුවන්ට ෆයිසර් මාත්‍රාවක් වයස අවුරුදු 12 -15 අතර දරුවන්ටද ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයූම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 13 December 2021
මස්කෙළිය උප සභාපති පහරකා රෝහලේ මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක පෙරියසාමි ප්රදිපන් මහතා ප්‍රාදේශිය සභා රැස්වීම අතර තුර එල්ල වූ විදුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 13 December 2021
අධිවේගී මාර්ගවල යන ගිලන්රථ ගාස්තුවලින් නිදහස් අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථගාස්තු වලින් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 13 December 2021
කොටදෙණියාවේ දරුවන් දෙදෙනකු අතුරුදන් කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 December 2021
දරුවන් පහක් කැලේ දමා අනියම් සැප සොයා ගිය අම්මා රිමාන්ඩ් දරුවන් පස් දෙනකු ලඳු කැලෑවක් සහිත පොල් වත්තක දමා අනියම් පුරුෂයකු හා ගිය බව කියන මව සහ ඇගේ අනියම් සැමියා බව කියන දෙදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වාරියපොළ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් අබේවර්ධන මහතා නියෝග කළේය. 13 December 2021
වත්තල මුහුදේ ගිය සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි වත්තල ප්රීතිපූර මුහුදු තීරයේ දිය නෑමට ගොස් මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන නාවික හමුදා නිලධාරීන් විසින් සොයා ගනු ලැබූහ. 13 December 2021
ඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක් මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටී. 13 December 2021
ගෑස් පිපිරුමට බිය වූ තරුණිය උඩුමහලෙන් පනී කුරුවිට බටුහේන ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක් පිපිරීමත් සමග බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි. 13 December 2021
සංචාරක ගමනාන්ත 09 ක් සංවර්ධනයට සංචාරක ගමනාන්ත 09 ක් තිරසාර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 13 December 2021
’’පොඩි ලැසී’’අධිකරණයට ගෙනෙන බව දැනුම් දෙයි රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාල කල්ලි නායක ’’පොඩි ලැසී’’ නැමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 13 December 2021
‘නත්තල් උත්සවයට අරක්කු බලපත් නෑ ‘ නත්තල් උත්සවය ඉලක්ක කරගෙන සාමාන්‍ය හෝටල්වලට හෝ ආපනශාලාවලට අරක්කු නිකුත් කිරීමේ බලපත්‍ර නිකුත් කර නොමැති බවත් ඒ සඳහා අවසර නොදෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 13 December 2021
රංජන් වෙනුවෙන් ජිනීවා උද්ඝෝෂණයක් අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වැරදිකරුව දැනට රක්ෂිත බන්ධනාගාතව දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් ඉතාලිය, ප්‍රංශය,ජමනිය හා යුරෝපයේ අනෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණක් සංවිධානය කර තිබුණි 13 December 2021
කෝච්චි හෙට ප්‍රමාදයි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය පවසයි. 13 December 2021
‘ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්මානයක්‘ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මේලනය සංවිධානය කළ ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආයතනික තොරතුරු තාක්ෂණ සම්මාන කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. 13 December 2021
තැපැල් වෘත්තීය සමිති -ලේකම් සාකච්ඡාවක තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (13) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සහ තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට එම අමාත්‍යංශයේදී පැවැත්වේ. 13 December 2021
‘තවුෆික් පක්ෂයේ තනතුරුවලින් නෙරපයි‘ අයවැය තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆික් මහතා එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි එහි මහලේකම් නිසාන් කාරියප්පර් මහතා පැවැසීය. 13 December 2021
දුම්රිය රියදුරන්ගේ තත්ව සහතික නෑ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වියයුතු ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බවත් මේ වසර තුළ එකම දුම්රිය රියදුරෙක්වත් ‘ඇස්’ පරීක්ෂාවට යොමු කර නොමැති බවත් දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 13 December 2021
‘මහින්දානන්දගෙන් සුබ අනාවැකියක්‘ 2022 වසර මෙරට ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක ඇරැඹුමක් වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 13 December 2021
විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියට 2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු සමත් වූවාය. විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ ඊශ්‍රායලයේ එපියාත් නුවර, ’යුනිවර්ස් එරීනා’ රඟහලේ දීය. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරගාවලියයි. 13 December 2021
තොප්පිගල රක්ෂිතයෙන් මෝටාර් උණ්ඩ යුද්ධ සමයේ එල් ටි ටි ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද මෝටාර් උණ්ඩ 14 ක් තොප්පිගල රක්ෂිතය තුළ සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි 13 December 2021
පළාත් කිහිපයකට අදත් තද වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (13) විටින්ව විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2021
‘මෙහෙම ගියොත් ජනතාවගේ හෘද වස්තුවත් පුපුරා යාවි‘ කුණු බක්කි අවුස්සාගෙන කා බඩවියත රැක ගත යුතු යුගයකට රට ගමන් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 13 December 2021
වතුර වළකට වැටී දරුවෙක් මරුට ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරි වළකට වැටී පස් හැවිරිදි පෙරපාසල් දරුවෙකු මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 13 December 2021
හමුදා සෙබළා බිත්තියට යටවී මරුට දියතලාව යුද හමුදා විද්‍යාපීඨය තුළ බිත්තියකට යට වී හමුදා සෙබළකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 13 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026