(නිමන්ති රණසිංහ)
බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයක් විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ එම තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25) නියෝග කෙළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි .
හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සිද්ධියට අදාළව පෞද්ගලික පැමිණිල්ලක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබුණේ දකුණු හා මධ්‍යම පළාත් වල ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජගිරිය පදිංචි රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසිනි.
පැමිණිලිකරු විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දෙනු ලැබ තිබුණේ, හිටපු මහ බැංකු අධිපති වන අජිත් නිවාඩ් කබ්රාල් යන අය සාපරාධි විස්වාසය කඩ කිරීම, බැංකු කරුවෙකු විසින් සිදු කරණු ලබන සාපරාධි විස්වාසය කඩ කිරීම, මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, 1937 අංක 07 දරණ (සංශෝධිත) ආඥා පනතේ අංක 56 (අ) (1) (අ) යටතේ වරදක් සිදු කර ඇති බවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ මිනිස්සුන්ගෙ වැරදි තීන්දු නිසා අද රටෙ සමස්ත ජනතාව අසරණ ත්ත්වෙට පත්වෙල කීදෙනෙක් පාරෙ මැරුනද පෝලිම් වල උාට මෙයල ගොඩ ගිා