(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000 කට අධික සංඛ්‍යවක් ජනවාරි මස සිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම වසරේ ජනවාරි මස සිට මෙම මස (ජූලි) පළමු සතිය දක්වා කාලය තුළ පුද්ගලයන් 156,179 ක් රැකියා සඳහා විදේශගත ඇති බවත් ඉන් පුද්ගලයන් 100,767 ක් ඔවුන්ගේ පෞද්ගලික මාර්ගවලින් ද, පුද්ගලයන් 55,411 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රය සහිතව ද පිටත්ව ගොස් ඇති බවත්ය.
මෙම පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් මැද පෙරදිග රටවල්වලට පිටත්ව ගිය බව කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවත් පිරිසක් දකුණු කොරියාව සහ ජපානය රටවල්වලට ද පිටත්ව ගොස් ඇති බවත් එම කාර්යංශය කියයි.
එහිදී කුවේට්වලට පුද්ගලයන් 39,216 ක්, කටාර් රාජ්‍යයට 36,229 ක්, සෞදි ආරාබියට 26,098 ක්, දකුණු කොරියාවට 3,219 ක් සහ ජපානයට 2,570 ක් ජනවාරි මස සිට පිටත්ව ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
පසුගිය ජූනි මස පමණක් පුද්ගලයන් 27,937 ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් ඉන් 18,083 ක් ලියාපදිංචිව ගොස් ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ පවතින අර්ථික අර්බුදයත් සමඟ එදිනදා කටයුතු පවත්වාගෙන යෑමේ අපහසුතාව නිසා පුරවැසියන් මෙසේ රට හැර යන අතර පසුගිය කාලය පුරාම මෙන්ම වර්තමානයේ ද නව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට සහ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍ර යාවත්කාලීන කිරීමට දිගු පෝලිම් දැකිය හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න කල්පනාකරන්න බැරි අය රටවල් පාලනය කරන කොට මෙහෙම වෙනවා.
කෝ බමුණා...? කොයි රටටද පලාගියේ?
ආතබූත නැතුව, එහෙ ගිහින් ජොබ් එකක් අරගෙන වීසා ගන්න මානසිකත්වයෙන් ගිහින්, ජොබ් නැතුව අනාථවෙලා ඉන්නේ. නිදියන්නේ අගුපිල්වල... යනවා විතරයි රැල්ලට අහුවෙලා... යන්නේ මොකටද, කොහෙද කියලා බලන්නේ විසිට් වීසා අරගෙන ගිහින්... අනාථවෙලා ඉන්නේ.. පව් ඒ තරුණ ජීවිත...
මම පාස්පෝට කන්තෝරුවට ගියමාසෙ ගිය මම දැක්ක විදියටනම් මේ ඉන්න ගොඩක් අය ඉන්නෙ රට රස්සාවටක යන්න මිසක් රට අතෑරල යන්න නෙමෙයි. මෙහෙම කට්ටිය වැඩිපුර රට රස්සාවලට යන එකනම් අපේ රටේ අනාගතයට හොදයි. රටට ලැබෙන්න තියෙන ඩොලර් ලබාගන්න පුලුවන් ලේසිම ක්‍රමය වෙන්නෙ රට රස්සාවලට යන එක තමයි. තව ලක්ශ 10ක් රට රස්සාවලට යන්න පුලුවන් නම් මේ රට යම් විදියකට ගොඩ ගන්න පුලුවන් වෙයි.
අවාසනාවකට පහල වෙලා ඉන්න නායකයො නිසා මිනිස්සුන්ට රට හැර යන්න වෙලා. ඒ් අය ඩොකර් එවනකම්ල පාලකයො බලන් ඉන්නව