
(කාංචන කුමාර ආරියදාස)
මෙරටට ඩොලර් ඉපයීම සඳහා මීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන්ට හඳුන් වැල් දොඩම් වගා විනාශ වීමේ තර්ජනයකට ලක් ව ඇතැයි ගොවීහු පවසති.
වැල් දොඩම් වගාව මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් සිදු කරගෙන යනු ලබන අතර මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය සමග වැල් දොඩම් වගාව සඳහා වතුර යෙදීමට භූමිතෙල් සහ ඩීසල් ලබා නොදීම නිසා මෙම වගාවේ අස්වැන්න විනාශ වී ගස් යටම වැටී විනාශ වෙමින් පවතින බව ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශ්යේ වගාකරුවෝ පෙන්වා දෙති.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල මුදල්ක් වියදම් කොට මෙම ආර්ථික වගාව හඳුන්වා දී තිබෙන බවත් එවැනි අවස්ථාවක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රජය වගකිවයුතු බලධාරීන් මෙම ඩොලර් ලැබෙන පලතුරු වගාවට අඩුම තරමේ ඉන්ධන ටික හෝ ලබාදීමට මැදිහත් වුවහොත් ගොවීන්ට පමණක් නොව රටටම ඩොලර් ලැබෙන බව මෙම ගොවීහු පෙන්වා දෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල්දොඩම් වැලේ කොළවලද වටිනා පෝෂණ ගුණ සහ ඖෂධීය ගුණ තිබෙන බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු කර, දේශීය වෙළෙඳපොලට සැපයීමට කටයුතු කළ යුතුයි. වැල්දොඩම් කොළ විටමින් 'ඒ', විටමින් 'සී' සහ නයසින් අඩංගු වන අතර, දිනකට නිර්දේශිත විටමින් සී ප්‍රමාණයෙන් 36%ක් ලබාගත හැක. එබැවින්, කෝවිඩ් වසංගතය නැවතත් වර්ධනය වෙමින් පවතින මෙම දිනවල, ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට වැල්දොඩම් කොළ සලාදයක් හෝ මැල්ලුමක් හෝ අනුභව කිරීම කාලෝචිතයි. තවද වැල්දොඩම් කොළ සලාද සහ මැල්ලුම් අනුභව කිරීමෙන් අධික රුධිර පීඩනයද පාලනය කළ හැකිය. නමුත් එසේ කිරීමේදී අධික රුධිර පීඩනය සඳහා වෙනත් ඖෂධද භාවිතා කරන්නේ නම්, ඒවායේ මාත්‍රා ප්‍රමාණය අඩු කර භාවිතා කළ යුතු බව පැවසේ. බ්‍රසීලයේ ඇමසන් වනයේ වෙසෙන ගෝත්‍රික ජනතාව බාහිර රෝග පීඩා සඳහාද වැල්දොඩම් කොළ යොදාගනිති. සම තැලුණු විට හෝ සීරුණු විට හෝ වැල්දොඩම් කොළයක් පාෙඩි කර, තැලුණු ස්ථානය මත තැබීමෙන් වේදනාව අඩු කරගැනීම එවැනි එක් ප්‍රතිකර්මයකි. හිසරදවලට පිළියමක් වශයෙන්ද එලෙසම නළල මත තැබීම ප්‍රතිඵලදායක බව පැවසේ...