(නිමල කොඩිතුවක්කු)
බල ශක්තියේ බලය විදේශයන්ට ලබාදීම රටත් ජනතාවත් ඉදිරියේදී මුහුණ දෙන ඉතා භයානක තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රටේ බලශක්තිය මෙහෙය වීමේ බලය පිටරටවලට භාර දීමෙන් සිදුවන්නේ රට අන්ධකාරයට හෙලීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ බලශක්ති පද්ධතිය ඉදිරියට ගෙනයන නව විදුලිබල ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම තම අරමුණ බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
විදුලිබල මණ්ඩල යනු ජාතික සම්පතක් වන අතර එය සුරක්ෂිත කොට ගොඩ නැංවීමත්, වඩා ලාභදායී තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ග සැලසුමත් වහා ක්‍රියාත්මක කළ යුතු බව ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
එහෙත් බොහෝ දෙනා සිදුකරමින් සිටින්නේ විකුණා දැමීම සහ පෞද්ගලිකරණය කිරීම බවද ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිබල මණ්ඩලය ජාතික සම්පතක්.. හැබැයි හොර ගුහාවක්. දැන් කට්ටිය පුතානෝගේ පස්සේ වැටිලා වගේ...
හරි ඕක ගොඩදාන්න ක්‍රමය කියන්න එහෙනම් පැහැදිලිව... එකඑක්කෙනා ඔහේ කියනවා විකුණන්නේ නැතුව ඕක කොහොමද ගොඩදාන්නේ...?
ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු තියෙන මෙහෙම ප්‍රාණියෙක් වෙනත් රටකවත් ඉන්නවද මන්දා...? ඒ වුණාට බාරගෙන වැඩ පෙන්වන්න කීවාම එක්කෝ ලියුම් ලියනවා. නැත්නම් ඉස්පිරිතාලේ නවතිනවා. මණ්ඩලය විකුණන්න හදන එක ගැන වගේම ඔය ආයතනය තුළ ඇති නිලධාරී ත්‍රස්තවාදය ගැන මේ කවුරුවත් කට හොල්ලනවාද?
ැලරියෙ විසිල් පාරට පමනක් තිර රචනය නොකර තමන්ගෙ තිර සාර විසදුම් ඉදිරිපත් කරන්නකො. ඉදිරියෙදි එන්න තියෙන්නෙ සර්වපාක්ශික පරිපාලනයක්ලු නේද? දෙදෙ තමන්ගෙ සප්එඑකරට ගොඩනගන්න.
අනේ මටනම් තවදුරටත් මේවා කාගෙද කියලා නම් වැඩක් නැහැ. මට රටක් ඕනෙත් නැහැ.. ඉන්න ටික කාලේ සැනසීමෙන් ඉන්න තියෙනවා නම් කොහේ හරි... මට ඇති. මැරෙනකොට මේවා අපි ගෙනියන්නේ නැහැනේ.. එහෙමනේ බුදුදහමේ උගන්වන්නේ..
කියනකොට නම් එහෙම තමයි.. ඒත් කරනකෙට එහෙම නෙවෙයි.
සූර්ය බලය... LNG ව්‍යාපෘති වලට කණකොකා හැඬුවේ ඕකේ ඉන්න ඉංජිනේරුවන් නිසයි. අනිවාර්යයෙන් පුද්ගලීකරණය කළ යුතුයි.
විකිණීම කෙසේ වෙතත් මේ දුෂිත ආයතන නොමිලේ කාටහරි දුන්නත් රජයට ලාබයි
කතාවට චණ්ඩියා. වැඩට නොණ්ඩියා. මේ කෙරුමා හැර මේවගේ තවත් කෙරුමන්ලා සිටීද...?
මොකද්ද භයානක තත්වේ? ප්‍රශ්නේ විසඳුවාම තමුන්නාන්සේට පාවිච්චි කරන්න මිනිස්සුන්ව අවුස්සන්න නොමග යවන්න ක්‍රමයක් නැති නිසාද?
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කළ යුතුමයි. මේ මණ්ඩලේ ලෝක හොරුන්ගෙන් පිරිලා. වෘත්තීය සමිති කාරයින් මණ්ඩලේට අරක්ගෙන සිටිනවා. දූෂණය, නාස්තිය ඉහවහා ගිහින්.. ඒ පාඩු පියවන්න වෙන්නේ ජනතාවට... අපේ රටේ විපක්ෂය මේ රට වැටීඇති වෙලාවේ, තම පැවැත්ම පසෙක තබා, රට ගොඩගැනීමට උදව් දීමයි කළයුතු වන්නේ...
තෙල් එන්නේ මන්නාරමෙන් නෙවෙයි බොල පිටරටින්. ඉතින් බලය තියෙන්නේ විදේශීයව තමයි...