(සුජිත් හේවාජුලිගේ )
මංකි ෆොක්ස් රෝගය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
කෙසේ වෙතත් කොරෝනා රෝගය මෙන් නොව මෙම රෝගයේ පැතිරෙන වේගය අඩු බවද හෙතෙම සඳහන් කළේය.
මංකි ෆොක්ස් බාහිර රෝග ලක්ෂණ වලින් පැහැදිලිව හඳුනාගත හැකි බවත් එසේ හඳුනාගත හැකි හෙයින් රෝගීන් ඉතා ඉක්මනින්ම නිරෝධායනයට යොමු කිරීමට හැකියාව පවතින බවත් මහාචාර්යවරයා කීවේය.
මෙම රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් තම විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් පරිදි පවතින බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මන්කි ෆොක්ස්" නොව මන්කි පොක්ස් ලෙස නිවැරදි විය යුතුයි.
මංකිලයි ෆොක්ස්ලයි නම් දැනටම ඉන්නව දියවන්නාවෙ හරක් මඩුවෙ.
තියෙන වසංගත මදි නිසා මේ වසංගතයත් ආවාම තමයි සම්පූර්ණ වෙන්නේ...